රිය පදවන මාමේ පුංචි අපි ගැනත් හිතන්න...

ත්‍රිකුණාමලය - කන්තලේ ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර විදුහලට යමින් සිටි දරු දැරියන් පිරිසක්‌ එම මාර්ගයේ මඩ වළක වැටුණු බස්‌ රියක්‌ නිසා මඩ වතුරින් නැහැවී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. "රිය පදවන මාමලාට පාරේ යන අපි වැනි අහිංසක දරුවන් ගැන හිතක්‌ පපුවක්‌ නැද්ද? පාරේ මඩ ගොහොරු ඇත. මින් පසුවත් බස්‌ පදවන විට පාසල් යන අපි ගැනත් හිතන්න" මඩ වතුරින් නැහැවී සිටි මේ පුංචි මල් කැකුළු එසේ සිතනවාට සැකයක්‌ නැත.

ඡායාරූපය - කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.