ධීවර සංස්‌ථාවේ මාළු අලෙවිය
දෙගුණයකින් ඉහළ ගිහින්

කළමනාකාර අධ්‍යක්‍ෂ රුවන් ලංකේෂ්වර

ශිරාන් රණසිංහ

ලංකා ධීවර සංස්‌ථාව මසකට අලෙවි කරන මාළු ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් දෙසීයේ සිට හාරසීය දක්‌වා දෙගුණයකින් වැඩිකරගෙන ඇතැයි ලංකා ධීවර සංස්‌ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ රුවන් ලංකේෂ්වර මහතා "දිවයින"ට පැවසීය.

2009 වසර වන විට රුපියල් මිලියන එකසිය තුනක පාඩුවක්‌ ලබමින් තිබූ ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට දිනෙන් දින උපයන ආදායම වැඩිකර ගනිමින් 2009 පාඩුවද මිලියන පනස්‌තුන දක්‌වා අඩුකර ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා ක්‍රියාත්මක කර ඇති ධීවර සංස්‌ථා මත්ස්‍ය අලෙවි සල් දෙසිය පනහේ ව්‍යාපෘතිය යටතේ එකසිය දාහත්වන අලෙවි සල මාතර, කැකණදුර දී විවෘත කළ බවද ලංකේෂ්වර මහතා සඳහන් කරයි.

මෝදර, ධීවර සංස්‌ථා පරිශ්‍රයේ පළමු වතාවට කරවල නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි කී ඒ මහතා සේවකයින්ට ඊ. පී. එµa, ඊ.ටී.එµa. සහ පාරිතෝෂික දීමනාද කලට වේලාවට ගෙවීමට පියවරගෙන ඇතැයි ද කීය.

ලංකා ධීවර සංස්‌ථාව පසුගිය කාලයේ කප්පම්කරුවන්ගේ හා ජාවාරම්කරුවන්ගේ තිප්පළක්‌ බවට පත්කරගෙන තිබුණද ඒ සියල්ල පාලනය කිරීමට වත්මන් පාලනාධිකාරිය සමත්ව ඇති නිසා එම පිරිස ඉතා සංවිධානාත්මකව ධීවර සංස්‌ථා පාලනාධිකාරියට එරෙහිව විවිධ අභූත චෝදනා ප්‍රසිද්ධියට පත්කරන බවද රුවන් ලංකේෂ්වර මහතා කීවේය.

මේ වන විට සේවක සුබ සාධනය, සේවකයන්ට රක්‍ෂණ ආවරණය ලබාදීම මෙන්ම ආයතනයේ ප්‍රගතිය සඳහා විශාල වැඩකොටසක්‌ ඉටුකිරීමටද තමන් සමත්ව ඇති බැවින් කවුරු අවලාද නැඟුවත් කරගෙන යන සාර්ථක වැඩපිළිවෙළ කිසි ලෙසකින්වත් ආපස්‌සට කරකවන්නට ඉඩ නොදෙන බවද ඒ මහතා සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.