විදුලිය නාස්‌තිය වැළැක්‌වීමට
බලශක්‌ති කළමනාකරුවන් 150 ක්‌

ශිරාන් රණසිංහ

විදුලිබල නාස්‌තිය අවම කර බලශක්‌ති සංරක්‍ෂණය සඳහා ප්‍රථම වරට ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට බලශක්‌ති කළමනාකරුවන් එකසිය පනස්‌ දෙනකු පත් කිරීමට විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම බලශක්‌ති කළමනාකරුවන් එකසිය පනස්‌ දෙනාට අදාළ පත්වීම් සහතික ලබාදීම කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (16 වැනිදා) සිදුකෙරිණි.

ඒ ඒ ආයතනවල නිලධාරියකුම මෙම බලශක්‌ති කළමනාකාර තනතුරට පත් කිරීම මේ යටතේ සිදුවන අතර ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය එහි නියාමන කටයුතු සිදුකරන බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සඳහන් කරයි.

වරාය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ගුවන්තොටුපළ, ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ඇතුළු ප්‍රධාන වශයෙන් විදුලිබලය භාවිත කරන රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවලට මෙලෙස බලශක්‌ති කළමනාකරුවන් පත්කර ඇත. මෙම නිලධාරීන්ට වැටුප් හා මුදල් දීමනාද ඒ ඒ ආයතනවලින් ගෙවන පරිදි තනතුර ලබාදී ඇතැයි විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.