ගාල්ල නි. නගරාධිපති ඊයේ මාධ්‍යවේදීන්ට දෙහි කපයි
විරෝධය පළ කර මාධ්‍යවේදීහු ඉවත්වෙති

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි සහ
ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා මාධ්‍ය වාර්තා උපුටා දක්‌වමින් මාධ්‍යවේදීන්ගේ දෙමාපියන් පවා සිහිපත් කරමින් දැඩි විවේචනයක්‌ එල්ල කිරීම නිසා ඊයේ (16 දා) පැවැති ගාල්ල මහ නගර සභා රැස්‌වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු පිරිසක්‌ සභාව වාර්තා කිරීම වර්ජනය කර රැස්‌වීමෙන් ඉවත් වූහ.

ගාල්ල නගර සභා රැස්‌වීම ඊයේ (16 දා) ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ අවස්‌ථාවේ ගාල්ල නියෝජ්‍ය නගරාධිපති කැලුම් සෙනවිරත්න මහතා පහත් වචන යොදා ගනිමින් ගාල්ල නාගරික ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව පිළිබඳ පළවූ වාර්තා උපුටා දක්‌වමින් දැඩි විවේචනයක්‌ එල්ල කළේය.

රැස්‌වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ කතාවට විරෝධය පළ කර සභා ශාලාවෙන් පිටව ගියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.