මිනුවන්ගොඩදී යතුරුපැදි 2 ක්‌ ගැටී අයෙක්‌ මරුදකී

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ ජාඇල ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත පල්ලිය ඉදිරිපිටදී ඊයේ (16 දා) උදැසන එකම දිශාවට ගමන්ගත් යතුරුපැදි 2 ක්‌ ගැටීමෙන් එක්‌ යතුරුපැදිකරුවෙකු මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ ඇත.

විසිනව හැවිරිදි ආර්. එම්. ප්‍රදීප් සමන්ත කුමාර යන අය මෙසේ මියගොස්‌ තිබේ. හෙතෙම මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ආරක්‍ෂිත හිස්‌ වැසුම් නොපැළඳ අපරීක්‍ෂාකාරීව යතුරුපැදිය පදවා ඇතැයි පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. නිශේන්ද්‍ර පතිරාජ මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. එස්‌. එච්. ජයරත්න, පො.සැ. බණ්‌ඩාර (17517) යන නිලාරීහු එම අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.