මැතිවරණයට තරග වදින
අපේක්‍ෂකයන්ගේ වත්කම්  බැරකම් ප්‍රකාශ ඕනෑ


රනිල් ධර්මසේන

පළාත් සභා මැතිවරණයට තරග කරන සියලු අපේක්‍ෂකයන් ඡන්ද විමසීම සිදුකරන දිනට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කාර්යාලයට  භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පක්‍ෂවලට දැනුම්දී තිබේ.

දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් ලබන 23 වැනිදා සිට සිය වත්කම් ප්‍රකාශ භාරදිය යුතු වේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත බව මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.