ඉල්ලීම්වලට නිශ්චිත  විසඳුමක්‌ නැත්නම්
උ/පෙළ  උත්තර පත්‍ර බැලීමත් නැහැ


නිලන්ත මදුරාවල

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක්‌ ලැබෙන තෙක්‌ කලින් සැලසුම් කර තිබූ පරිදි උ/පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කිරීමටත් දැන්  ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්‌ඩව පවත්වාගෙන යැමටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (16 දා) තීරණය කළේය.

කොළඹදී ඊයේ රැස්‌වූ එහි විධායක සභාව මෙම තීරණ ගත් අතර දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාංගණයේදී හෙට (18 දා) රැස්‌වීමක්‌ පවත්වා අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට ජනතාවගෙන් අත්සන් ගැනීමේ කටයුතු සිදුකිරීමටත් විධායක සභාව තීරණය කළේය.

සම්මේලනයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග එහි නියෝජිතයන් මෙම සතිය ඇතුළත සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රමාණය සියයට 6 දක්‌වා වැඩි කිරීම, විශ්වවිද්‍යාල නිර්දේශපාලනීකරණය කිරීම සහ 2008 වසරේදී යෝජිත වැටුප් වර්ධක ලබාදීම ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.