පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක්‌ අත්අඩංගුවට

අකිත පෙරේරා

කඳුරුවෙල සිට කොළඹ 13, සංඝමිත්තා හරස්‌ වීදියේ ව්‍යාපාරික ස්‌ථානයකට ගෙනවිත් තිබූ පරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ ග්‍රෑම් 10500 ක්‌ අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ (16 වැනිදා) හැකිව තිබේ.

මෙම සහල් තොගය එම ව්‍යාපාරික ස්‌ථානයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී අධිකාරියේ විශේෂ වැටලීම් අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට වගකිවයුත්තන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියකු "දිවයිsන"ට පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.