ගල්කිස්‌ස මුහුදේ දිය නෑ ද්‍රවිඩ තරුණයා අතුරුදන්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ගල්කිස්‌ස හෝටලය ආසන්නයේ වෙරළ තීරයේ මුහුදේ නාමින් සිටි 18 හැවිරිදි ද්‍රවිඩ තරුණයකු මුහුදේ ගසාගෙන ගොස්‌ අතුරුදන් වී ඇතැයි ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය පවසයි.

පෙරේදා (15 වැනිදා) සවස 6.10 ට පමණ මෙසේ මුහුදේ ගසාගෙන ගොස්‌ අතුරුදන්වී ඇත්තේ හැටන්, කුඩාඔයවත්ත පදිංචිව සිටි රමේෂ් පුෂ්පකාන්ත නමැති තරුණයෙකි.

අතුරුදන් වූ තරුණයාගේ සිරුර තලෙලුය. සාමාන්‍ය සිරුරකි. උස අඩි 05 යි අඟල් 6 කි. කලු පැහැති තරමක්‌ කුරු කොණ්‌ඩය. කලු ඩෙනිම් කලිසමක්‌ ඇඳ සිට ඇත.

මේ පිළිබඳව ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.