නව ලේකම්වරු රාජකාරි අරඹති
ජනමාධ්‍ය සීමාවෙන්  ඔබ්බට ගෙන යනවා
ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශ නව ලේකම් චරිත හේරත්

තුෂාරී කළුබෝවිල

ජනමාධ්‍යයක කාර්යභාරය මෙතෙක්‌ සීමා කරගෙන තිබූ තැනින් ඔබ්බට රැගෙන යමින් පුළුල් ක්‍රියාවලියක්‌ දක්‌වා මෙහෙයවන බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ නව ලේකම් චරිත හේරත් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ නව ලේකම්වරයා වශයෙන් ඊයේ (16 වැනිදා) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

සියලුම මාධ්‍යවල සදාචාරය, මාධ්‍ය වගකීම් හා නියාමනය කෙරෙහි මූලිකත්වය ලබා දෙමින් තමා ඉදිරියේදී ක්‍රියාකරන බව ද ඒ මහතා පැවැසුවේය. මේ අවස්‌ථාවට ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ප්‍රමුඛ අමාත්‍යාංශයේ නිලධාරීන්, ජනමාධ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.