පක්‍ෂ පහක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායමක්‌ නාමයෝජනා දෙයි

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා දේශපාලන පක්‍ෂ පහක්‌ හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ඊයේ (16 වනදා) දිනය වන විට සිය නාමයෝජනා භාරදී ඇත.

ජනසෙත පෙරමුණ විසින් මඩකලපුව සහ අම්පාර යන දිස්‌ත්‍රික්‌ක දෙක සඳහාද, එක්‌සත් සමාජවාදී පක්‍ෂය විසින් අම්පාර දිස්‌ත්‍රික්‌කයටද ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය විසින් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයටද, ලංකා කම්කරු කොංග්‍රසය විසින් කෑගල්ල සහ රත්නපුර යන දිස්‌ත්‍රික්‌ක දෙක සඳහා ද සිය නාමයෝජනා භාරදුන් අතර ස්‌වාධීන කණ්‌ඩායමක්‌ විසින් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයටද ඊයේ නාම යෝජනා භාරදුන් බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.