ගැබිනි කාන්තාවකට අතවර කළ
පුද්ගලයාට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්‌

බණ්‌ඩාරගම විශේෂ - බී. එස්‌. ජයසිංහ

රැකියාවට යමින් සිටි ගැබිනි කාන්තාවකගේ පසුපස පෙදෙස මිරිකා අතවරයක්‌ කළ පුද්ගලයකුට ප්‍රදේශවාසීන් පහරදී පොලිසියට භාර දුන් බව වාද්දුව පොලිසිය කියයි.

පහර කෑමට ලක්‌ව ඇත්තේ ගුවන් හමුදා සිවිල් සේවකයෙකි.

වාද්දුව උපාසිකාරාම මාර්ගයෙන් ගාලු පාරට පැමිණීම සඳහා පසුගියදා පාගමනින් පැමිණ ඇති ගැබිනි කාන්තාව පිටුපසින් පාපැදියෙන් ආ සැකකරු මෙම අතවරය කර ඇති බවට හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ එම ක්‍රියාව සමග බියට පත්වී කෑගැසූ කාන්තාවගේ හඬ ඇසී එක්‌ රොක්‌ වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි පුද්ගලයා අල්ලාගෙන පහර දී ඇත. සැකකරු සිව් දරු පියෙකු වන අතර වයස අවුරුදු 28 ක අයෙකි.

වාද්දුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ලලිත් වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල් (75204) ජනක මහතා සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.