සත්තු වත්තේ සිටි තාපස බැබුන් ගෙල සිරවී මියයයි

චමින්ද සිල්වා - එස්‌. පී. ආරියරත්න - රත්මලාන

දෙහිවල සත්තු වත්තේ සිටි තාපස බැබුන් වර්ගයට අයත් වයස අවුරුදු හයහමාරක පමණ සතකු කඹයක ගෙල හිරවීමෙන් මියගොස්‌ ඇත.

මෙම බැබුන් සත්වයා රඳවා සිටි කූඩුවේ ක්‍රියාකාරකම් සඳහා යොදා තිබූ කඹයක ගෙල සිරවීමෙන් මියගොස්‌ ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග පැවසීය.

මියගිය සත්වයා සත්වෝද්‍යානය තුළම ඉපිද සිය මව විසින් කිරිදීම පවා ප්‍රතික්‌ෂේප කර සිටියදී සත්වෝද්‍යාන සේවකයන් විසින් මහත් පරිශ්‍රමයකින් ඇති දැඩිකළ සත්වයෙක්‌ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.