චෝදනා එල්ල වූ ඇතැම්
සෞඛ්‍ය නිලධාරීන්ට අමාත්‍යංශයේ ආරක්‍ෂාව


ඒමන්ති මාරඹේ

චෝදනාවලට ලක්‌වූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුගමනය කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් චෝදනා කර සිටී.

ජෙනරේටරයක්‌ හා යකඩ තොගයක්‌ මිලදී ගැනීමේ ගනුදෙනුවකදී සිදුවූ දැඩි මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති යාපනය රෝහලේ අධ්‍යක්‍ෂවරියට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පෙර ඇයව එම ආයතනයෙන් මාරුකර නොයෑවීමෙන් ඒ බව තහවුරු වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවැසීය.

චෝදනාවට ලක්‌වූ තැනැත්තිය ආයතන ප්‍රධානියා වීම නිසා එසේ ඇයව වෙනත් ස්‌ථානයකට මාරු කර නොයවමින් පරීක්‍ෂණයක්‌ කරන්නේ නම් එමගින් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ බලාපොරොත්තු විය නොහැකි බව කී වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ලේකම්වරයා චෝදනාවට ලක්‌ව සිටින යාපනය මහ රෝහල් අධ්‍යක්‍ෂවරියට එරෙහිව නියමිත පටිපාටියට අනුව අපක්‍ෂපාතී විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට බලධාරීන් මෙම සතිය ඇතුළතදී කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යොමු වීමට තම සංගමයට සිදුවන බව සඳහන් කළේය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (16 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.