පන්නිපිටියේ මහා පරිමාණ
සූදු පොළක්‌ වටලයි  10 දෙනකු අත්අඩංගුවට


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පළක්‌ වටලා පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්‌ඨාස දූෂණ මර්දන අංශය සමත්විය.

අත්අඩංගුවට පත් පුද්ගලයන් මහරගම, වැලිකඩ, රාජගිරිය, නුගේගොඩ යන ප්‍රදේශවල පුද්ගලයන් බවද එම අංශය පවසයි.

මෙම වැටලීම සිදුකරන අවස්‌ථාවේ සූදු පළේ සිටි තවත් පුද්ගලයන් රැසක්‌ දිවගොස්‌ ඇතැයි පැවසේ.

සූදු පළේ තිබී රුපියල් නවදහසක මුදලක්‌ හා කාඩ් කුට්‌ටමක්‌ තිබී අත්අඩංගුවට ගත් බවද එම අංශය කියයි.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාලිය ද සිල්වා මහතාගේ අධීක්‌ෂණය යටතේ නුගේගොඩ කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක මලවීර මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් රණවීර (433) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම සිදුකර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.