අනේ අපොයි
දිවා විවේකයේදී තුනේ පන්තිය
ටීචර්ලාට ළිඳ ළඟ සංගමේ වෙලා

ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරු කිහිපදෙනෙක්‌ විවේක කාලයේදී එකට එකතු වී තේ බොති.

මේ පිරිස බොහෝ විට තේ බොන්නට තෝරා ගන්නේ පාසලේ තුන ශ්‍රෝණිය පංතියය.

දරුවන් හනි හනික තේ පානය කර පිට්‌ටනියට පැන දුවන්නේ සෙල්ලම් කිරීමටය. මේ අතර එක්‌තරා දරුවකු ගුරුවරු අල්ලාප සල්ලාපයේ යෙදී සිටින දෙස බලමින් මොනවාදෝ පොතක සටහන් කර ගන්නට විය.

කුමක්‌දො හෑල්ලක්‌ ඇදබාමින් සිටි ඉංග්‍රීසි ගුරුවරිය කියමින් සිටි කතාව නවතා ඒ ශිෂ්‍යයාව දෙස කේන්තියෙන් බැලුවාය.

මොකද ළමයෝ අනුන්ගේ කතා අහන්නේ. පොඩිකමට නෙවෙයි වැඩ. යනවා යන්න මෙතනින් නැහැදිච්ච ළමයි......." ගුරුවරු පුංචි දරුවාට බැනගෙන බැනගෙන ගියාය.

දරුවා හඬන්නට විය.

ඒ මොහොතේම පංතියට ආවේ ගණිත ගුරුවරයාය.

"ඇයි පුතා" ගුරුවරයා අසද්දී ඉංග්‍රීසි ගුරුවරිය කඩාපැන කීවේ ළමයි නෙවෙයි තාත්තලා කියාය.

සර් කළු ලෑල්ලේ හදපු ගාණ මම ලියලිය හිටියේ. ටීචර්ලගේ කතාව අහගෙන හිටියේ නෑ. දරුවා හඬද්දී ගුරුවරියගේ මුහුණ කළුව ගියේ...... ටීචර් මේක පාසලක්‌ මිසක්‌ ළිඳ ළඟ සංගමේ නොවේ කියා කීවේ ගණිත ගුරුවරයා දරුවාගේ හිස අතගාන විටය.

ශිරාන් රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.