සේරුනුවර කනිටු විදුහලට
අවශ්‍ය ගුරුවරු ඉක්‌මනින් ලබාදෙන්න

ගුරුවරු ලබාදෙනතුරු උපවාසය අතහරින්නේ නැහැ
දෙමාපියෝ නැගෙනහිර අධ්‍යාපන බලධාරීන්ට පවසති


කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ, ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි සහ සේරුනුවර - සුගත් විජයකුමාර පිංතූර - කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ

සේරුනුවර අධ්‍යාපන කලාපයේ ශ්‍රී මහවැලිගම කනිෂ්ඨ විදුහලට වහාම අවශ්‍ය ගුරුවරුන් ලබාදෙන ලෙසත්, ගුරුවරුන් ලබාදෙන තුරු ඊයේ දින සිට අඛණ්‌ඩ උපවාසයක්‌ ආරම්භ කළ බවත් පවසමින් සේරුනුවර ශ්‍රී මහවැලිගම විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විසින් උදැසන 10.00 ට පමණ සේරුනුවර නගර මධ්‍යයේදී පෙළපාලියකින් ගමන් කොට අනතුරුව ඔරලෝසුව හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

ඉන් අනතුරුව ඔරලෝසු කණුව ඉදිරිපිටදී දෙමාපියන් අඛණ්‌ඩව උපවාසය ආරම්භ කරන ලදී. එම අවස්‌ථාවේදී එම ස්‌ථානයට පැමිණි නැගෙනහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. අතුකෝරල මහතා එම ප්‍රශ්නය විසඳීම සඳහා අද සිට ගුරවරු දෙදෙනකු ලබාදීමට කටයුතු කළ බවත්, ලබන වාරයේදී පාසල් පටන්ගන්නා විට ඉතිරි අඩුපාඩු සපුරාලීමටත් පොරොන්දු විය. එහෙත් ගුරුවරු සියල්ල යළි ලැබෙන තුරු තමන් මෙම ක්‍රියාමාර්ගය අත්නොහරින බවත් උපවාසකරුවෝ පැවසූහ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ එහි අවස්‌ථා කීපයකි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.