Future Gov සාක්‌ සමුළුව හෙට සිට ලංකාවේදී

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Future Gov සාක්‌ සමුළුව 2012 මෙම මස 18 සහ 19 දිනයන්හිදී ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

සාක්‌ කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් මෙම සමුළුව පැවැත්වෙන පළමු අවස්‌ථාව මෙය වේ. රටක රාජ්‍ය සේවාවන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවි බල ගන්වමින් එම සේවාවන් වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස ජනතාවට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් වශයෙන් අවධානයට ලක්‌ කිරීම මෙම සමුළුවේ අරමුණවේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාව ඇතුළු සාක්‌ කලාපීය රටවල් සහ තවත් රටවල් ගණනාවක තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින් මෙන්ම වෘත්තීයවේදීන් මෙම සමුළුව සඳහා සහභාගි වෙති. ඩිජිටල් අන්තර්ගතයන් ඉ-සෞඛ්‍ය හා එම සෞඛ්‍ය, ජංගම රාජ්‍ය සහ තොරතුරු ආරක්‍ෂාව යන විෂයන් යටතේ පැවැත්වෙන මෙය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ. "ඉ-රාජ්‍ය" සංකල්පය පිළිබඳව රජයේ හා විපක්‍ෂ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර විවෘත සංවාදයක්‌ පැවැත්වීම මෙවර සමුළුවේ විශේෂත්වයක්‌ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.

රජය නියෝජනය කරමින් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්‌කරණ ඇමැති නවීන් දිසානායක සහ විපක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරු මෙම සංවාදයට සහභාගි වෙති. ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලංකා මයිකොසොµaට්‌ සහ ඉන්ටෙල් යන සමාගම මෙම සමුළුව පැවැත්වීම සඳහා සිය අනුග්‍රාහකත්වය දක්‌වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.