"මෝකූල් රෝඩ් රේස්‌" ස්‌කූටර් තරගාවලියේ
දෙවැනි ස්‌ථාන 2 ක්‌ දස හැවිරිදි හංසිකාට



ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සමග එක්‌ව සංවිධානය කර පන්නල ගෝල්වින් ජාත්‍යන්තර ධාවන පථයේ නොබෝදා පැවති 2012 සමස්‌ත ලංකා මෝකූල් රෝඩ් රේස්‌ කාන්තා විවෘත ස්‌කූටර් තරග ඉසව්ව සඳහා වැඩිහිටි කාන්තාවන් සමග තරග වැදුණු 10 හැවිරිදි ලාබාල ක්‍රීඩිකා ඒ. ඇම්. හංසිකා අබේසිංහ ක්‍රීඩිකාව සැතපුම් හයක්‌ දුර රේසිං ධාවන තරගයෙන් දෙවැනි ස්‌ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

එහිදී පැවති එම තරගාවලියේම 125 සී.සී. පිරිමි විවෘත සැතපුම් 6 ක්‌ දුර රේසිං ධාවන තරගයටද ඉදිරිපත් වූ හංසිකා අබේසිංහ එම තරගයෙන්ද දෙවැනි ස්‌ථානය දිනා ගැනීම මෙම තරගාවලියේ කැපී පෙනෙන ලක්‌ෂණයකි.

2012 සමස්‌ත ලංකා මෝකූල් රෝඩ් රේස්‌ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කාන්තා හා පිරිමි තරගකරුවන් රැසක්‌ මෙම තරග සඳහා ඉදිරිපත්ව තිබේ.

මෙම රේසිං ධාවන තරගයේ දෙවැනි ස්‌ථානය හිමිකරගත් හංසිකා අබේසිංහ මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ 5 වන ශේ්‍රණියේ ඉගෙනුම ලබන දස හැවිරිදි ශිෂ්‍යාවකි.

ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීම කොළඹදී සිදු කිරීමට නියමිතව ඇත.

සටහන හා ඡායාරූප දඹදෙණිය - ඇම්. ඇම්. තිලකරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.