ලෝක ශූරතා කනිෂ්ඨ මලල
ක්‍රීඩා තරගාවලියේ ශූරතාව ඇමරිකාවට

සමස්‌ත ආසියාව  පල්ලම් බසියි
2-ඉතියෝපියාව 3-කෙන්යාව

ස්‌පාඤ්ඤයේ බාසිලෝනා ඔලිම්පික්‌ ක්‍රීඩාංගණයේ පැවැති (ජුලි 10-15) 14 වැනි ජගත් ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්‌ත ශූරතාව ඇමරිකා එක්‌සත් ජන පදය විසින්ද, අදාළ අනුශූරතාව ඉතියෝපියාව විසින්ද දිනා ගන්නා ලද අතර එම තෙවන ස්‌ථානය කෙන්යාවට හිමිවිය.

ජයග්‍රාහී ඇමරිකා එක්‌සත් ජනපදය රන් 6 යි, රිදී 4 යි, ලෝකඩ 6 යි වශයෙන් පදක්‌කම් 14 ක්‌ද, ඉතියෝපියාව රන් 3 යි, රිදී 3 යි වශයෙන් පදක්‌කම් හයක්‌ දිනා ගන්නා ලද අතර කෙන්යාවේ පදක්‌කම් සංඛ්‍යාව රන් 2 යි, රිදී 2 යි, ලෝකඩ 4 වශයෙන් අටක්‌ විය.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය අනුබද්ධිත රටවල් 185 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1734 ක්‌ සහභාගි වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ කිසිදු රටක්‌ කිසිදු පදක්‌කම් හෝ දිනා ගැනීමට අසමත්වීම විශේෂ සිද්ධියකි.

ආසියාවේ ක්‍රීඩා බලවතුන් වන චීනයද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 ක්‌ සහභාගි කොට රිදී පදක්‌කම් 2 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 2 ක්‌ ලබා සමස්‌ත 27 වැනි ස්‌ථානයට පත් විය. ජපානයද එවැනිම පසු බෑමකට ලක්‌ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි කොට එක්‌ රිදී පදක්‌කමක්‌ සහ එක්‌ ලෝකඩ පදක්‌කමක්‌ දිනා සමස්‌ත 27 වැනි ස්‌ථානයට පත්විය.

අදාළ තරගාවලියට දකුණු ආසියාව නියෝජනය කළ ඉන්දියාව ක්‍රිඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක්‌ද, බංග්ලාදේශය සහ පාකිස්‌තානය එක්‌ ක්‍රීඩකයා බැගින් සහභාගි කරවන ලදී. තරගාවලියේ උපරිම සහභාගිත්වය ඇමරිකා එක්‌සත් ජනපදය(52) වේ. ජර්මනිය (41) සහ ඉතාලිය(35) අදාළ දෙවැනි සහ තෙවැනි සහභාගිත්වය උපරිමය සටහන් කර ඇත.

අසන්ත කුමාර (මී. 100), දුලාඡ් මධුසංඛ(මී. 400), සුපුන් විරාඡ් රන්දෙණිය(මී. 110 කඩුලු), මධුෂිකා මිලාන්(උස පැනීම), චාමිනී ජයමිණි(මී. 3000) සහ නිමේෂා සිරිවර්ධන(උස පැනීම) මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

තරගාවලියේ මීටර 100 දෙවැනි පූර්ව තරගයට සහභාගි වූ එම්. ඒ. කුමාර තත්පර 11.32 කින්ද, මීටර 400 ඉසව්වේ දෙවැනි පූර්ව තරගයේදී ආර්. ඩී. මධුසංඛ මීටර 400 තත්පර 49.93 කින්ද, ආර්. සී. ජයමිණි කාන්තා මීටර 3000 ඉසව්ව වි. 11(13(91 කින්ද සහ කාන්තා උස පැනීම ඉසව්වේ නිමේෂා සිරිවර්ධන මී. 1.79 ක්‌ පනිමින්ද තම තරග අවසන් කළහ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනුවෙන් කිසියම් බලාපොරොත්තුවක්‌ ඇති කළ එකම ක්‍රීඩකයා වූ කේ. එස්‌. ටී. රන්දෙණිය මීටර 110 කඩුලු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවද එම වටයේ තෙවැනි පූර්ව තරගයේදී පාදයේ ඇතිවූ ආබාධයක්‌ හේතුවෙන් තරගයෙන් ඉවත් විය.

රන්දෙණිය සිය ඉසව්වේ පස්‌වැනි පූර්ව තරගයේදී තත්පර 13.90 ක කාලයක්‌ වාර්තා කරමින් අදාළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඔහුගේ ඉසව්වේ උපරිම දක්‍ෂතාව තත්පර 13.94 ක්‌ වේ.

අන්තර්ජාලය/අසෝක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.