ඉන්දියාව හෙට ශ්‍රී ලංකාවට

අසේල විතාන

එක්‌දින තරග පහකට සහ 20-20 තරගයට සහභාගි වීම සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන 18 වැනිදා (හෙට) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. පළමු තරගය ලබන 21 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණි ගත කිරීම්වල ලකුණු 103 ක්‌ ලබා හය වැනි ස්‌ථානයේ සිටින අතර ඉන්දියාව ලකුණු 112 ක්‌ ලබා පස්‌වැනි ස්‌ථානයේ පසුවේ. මෙම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එක්‌දින ශ්‍රේණියේ ඉහළට නැගීමට හැකියාව ලැබෙනු ඇත.

ඉන්දියානු කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 14 වැනි එක්‌දින තරගාවලිය ලෙස මෙය ඉතිහාගත වේ. දෙරට අතර මෙතෙක්‌ පැවැති එක්‌දින තරගාවලි 15 දී තරගාවලි 10 ක්‌ ජය ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරගාවලි දෙකක්‌ පමණි. තරගාවලි 2 ක්‌ සම සමව අවසන්වී තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට 1997 දී තරග 3-0 ක්‌ වශයෙන් ඉන්දියාව පරාජය කිරීමෙන් පසු වසර 15 කින් එක්‌දින තරගාවලියක්‌ ඉන්දියාවට එරෙහිව ජය ගෙන නොතිබීම විශේෂත්වයක්‌ වේ. වත්මන් එක්‌දින ක්‍රිකට්‌ ලෝක ශූර ඉන්දියාව සහ එහි අනුශූර ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්‌දින තරගාවලිය කාගෙත් වැඩි අවධානයක්‌ යොමු කරන තරගාවලියක්‌ මෙන්ම ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ දිනවල දක්‌වන දක්‍ෂතා මත මෙවර තරගාවලියේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතු වන බව ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ. දෙරට අතර මෙතෙක්‌ පැවැති එක්‌දින තරග 134 කදී ඉන්දියාව 71 ක්‌ වතාවක්‌ ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව 51 ක්‌ වතාවක්‌ ජය ගෙන තිබේ.

දෙරට ඉකුත් මාර්තු මස බංග්ලාදේශයේදී ආසියානු කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වුවද එහිදී කණ්‌ඩායම් දෙකටම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි විය.

සංචාරක ඉන්දිය කණ්‌ඩායම

මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරාත් කෝලි (උපනායක), ගෞතම් ගාම්භීර්, රෝහිත් ෂර්මා, සුරේෂ් රයිනා, මනෝඡ් තිවාරි රවීචන්ද්‍රන් අස්‌වීන්, ඉර්µdන් පතන් , රාහුල් ෂර්මා, අසෝක්‌ දින්දා, ප්‍රගයන් ඕජා, විරේන්ද්‍ර ෂෙවාර්ග්, ෂහීර් ඛාන්, උමේෂ් යාදෙව්, අඨින්කයා රහේන්

තරග කාල සටහන

ජූලි 21 දා - පළමු එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී

ජුලි 24 දා - දෙවැනි එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී

ජූලි 28 දා - තෙවැනි එක්‌දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජුලි 31 දා - සිව්වැනි එක්‌දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 4 දා - පස්‌වැනි එක්‌දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

අගෝස්‌තු 7 දා - 20-20 තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.