විනේ වෙනුවට ඉර්ෆාන්

තම කලවයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක්‌ මත ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක විනේ කුමාර්ට ඉන්දීය කණ්‌ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අහිමිවී ඇත.

අදාළ ආබාධය සුවවීම සඳහා සති තුනක කාලයක්‌ පමණ ප්‍රතිකාර කළ යුතු බව වෛද්‍ය මතය වී ඇත.

විනේ කුමාර් වෙනුවට කණ්‌ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ව නම් කර තිබේ. ඉන්දීය කණ්‌ඩායම හෙට (18 දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.