38 වැනි වයස්‌ සීමා පිහිනුම් ශූරතාව
කොළඹ රාජකීය සහ මහනුවර
මහාමායා සමස්‌ත ශූරතා දිනති
මැතිව් අබේසිංහ වාර්තා 6 ක්‌ පිහිටුවයි

චමිල කරවිට

38 වැනි වරටත් පැවැති ජාතික වයස්‌ සීමා පිහිනුම් තරගාවලිය - 2012 තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ රාජකීය විදුහල විසින්ද සහ එහි බාලිකා ශූරතාව මහනුවර මහාමායා විදුහල විසින්ද දිනා ගන්නා ලදී.

කොළඹ ආනන්ද විදුහල් පිහිනුම් තටාකාංගණයේ පෙරේදා (15 දා) නිමාවට පත්වූ අදාළ පිහිනුම් තරගාවලියේදී ජාතික වාර්තා 4 ක්‌ සහ තරග වාර්තා 28 ක්‌ බිහිවීම කැපී පෙනුණි.

එම ජාතික වාර්තා 4 අතුරින් දෙකක්‌ම මීටර 50 පසුපස ආර සහ මීටර 100 පසුපස ආර ඉසව් නියෝජනය කළ කොළඹ විශාඛා විදුහලේ නදීරා ජයසේකර විසින් බිහි කරන ලදී. එහිදී ඇය විසින් මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 32.66 කින්ද මීටර 100 ඉසව්ව මි. 1(13(15 කින්ද නිම කරමින් නව වාර්තා පිහිටුවීමට සමත්වූවාය.

ඇයට අමතරව වයස අවුරුදු 19 න් පහළ මීටර 800 නිදහස්‌ ආර ඉසව්ව නියෝජය කළ ආසියානු ජාත්‍යන්තර පාසලේ මිචිකෝ රහීම් විසින් සිය ඉසව්ව ඉසව්ව මිනිත්තු 10(03(66 නිමා කරමින්ද සහ මීටර 1500 නිදහස්‌ ආර ඉසව්ව නියෝජයන කළ එම විදුහලේම මැතිව් අබේසිංහ සිය ඉසව්ව මිනිත්තු 16(30(00 කින් නිමා කරමින් බිහිවන ලද සෙසු ජාතික වාර්තා ද්විත්වයට හිමිකම් කීයූහ.

එම ජාතික වාර්තාවට අමතරව තවත් තරග වාර්තා 6 කට මැතිව් අබේසිංහ හිමිකම් කීම විශේෂත්වයක්‌ වූවේය.

අනෙක්‌ ජාතික වාර්තා ලාභිනිය වන මිචිකෝ රහීම් ජාතික වාර්තා 3 ක්‌ද වයස අවුරුදු 14 න් පහළ වයස්‌ කාණ්‌ඩය නියෝජනය කරනු ලබන ඇයගේ සොහොයුරිය වන කිමිකෝ රහීම් ජාතික වාර්තා 4 ක්‌ද පිහිටුවීමට සමත්වූවාය.

මෙම තරගාවලියේ අනුශූරතාව මරදාන ශාන්ත ජෝශප් විදුහලටද කාන්තා අනුශූරතාව කොළඹ විශාඛා විදුහලටද හිමිවිය.

වයස්‌ කාණ්‌ඩ යටතේ ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩක ක්‍රිඩිකාවන්

වයස අවුරුදු 10 න් පහළ

බාලිකා - තිනාරා විමලධර්ම(හිල්වුඩ් බාලිකා විදුහල - මහනුවර), බාලක - ඉසුරින්ද රාජපක්‍ෂ(ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ)

වයස අවුරුදු 12 න් පහළ - බාලිකා - දේවින්ද්‍යා ජයවර්ධන(මහාමායා බාලිකා විදුහල, මහනුවර), බාලක - දිනාල් වීරසිංහ(කොලම්බෝ ජාත්‍යන්තර පාසල)

වයස අවුරුදු 14 න් පහළ - බාලිකා - කිම්කෝ රහීම්(ආසියානු ජාත්‍යන්තර පාසල), බාලක - ඩී. ධර්මප්‍රිය(ත්‍රිත්ව විදුහල - මහනුවර)

වයස අවුරුදු 16 න් පහළ - බාලිකා - හරිනි සිල්වා(ගේට්‌වේ පාසල), බාලක - අක්‌ෂ්‍ය කුමාරජීව(ශා. ජෝශප් විදුහල)

වයස අවුරුදු 19 න් පහළ

බාලිකා - මිචිකෝ රහීම්(ආසියානු ජාත්‍යන්තර පාසල), බාලක - මැතිව් අබේසිංහ(ආසියානු ජාත්‍යන්තර පාසල)

විවෘත කාන්තා - රෙෂිකා උඩුගම්පොල

විවෘත පිරිමි - ආර්. සී. ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.