ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු ශුරියෝ

වු. 14 න් පහළ සිසු උදාන දැල්පන්දු තරගාවලයේ ශූරතාව දිනු ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්‌ඩායම

මහජන බැංකුවේ අනුග්‍රහයෙන් පැවැති අන්තර් පාසල් වයස අවු. 14 න් පහළ සිසු උදාන දැල්පන්දු තරගාවලිය සහ වයස අවුරුදු 21 න් පහළ විවෘත ශෑS දැල්පන්දු තරගාවලි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පෙරේදා (15 දා) නිමාවට පත්විය. මෙහිදී "සිසු උදාන" තරගාවලියේ ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින්ද අවු. 21 න් පහළ ශෑS තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පාසල් කණ්‌ඩායම විසින්ද දිනා ගන්නා ලදී.

නැගී එන ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනූ කරීනා ප්‍රභාවි දැල්පන්දු රැජන ලෙස කිරුළ පළන් ගිම්හානි

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා දැල් පන්දු අතුරු කමිටුව විසින් සංවිධානය කරන ලද සිසු උදාන දැල්පන්දු ශූරතාව සහ වයස අවු. 21 න් පහළ ශෑS දැල්පන්දු තරගාවලියේ අවු. 21 න් පහළ තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා පාසල් කණ්‌ඩායම, සිසු උදාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනූ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ඒ කණ්‌ඩායම, දැල්පන්දු රැජින ලෙස කිරුළ දැරූ ගිම්හානි ගයංජනී අමරවංස සහ සිසු උදාන තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනූ කරීනා ප්‍රභාවි ක්‍රීඩිකාව ඡායාරූපවල වෙති.

ඡායාරූප - පාලිත ගුණසේන(ක්‍රීඩා අමාත්‍යාංශය)







 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.