ආපිකෝ විශිෂ්ට අලෙවි නියෝaජිත සම්මාන
ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වයි


දකුණේ සිට - සුනිල් ලියනගේ මහතා (රිචඩ් පීරිස්‌ සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ/ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ), ප්‍රදීප් සමරතුංග මහතා (සාමාන්‍යාධිකාරී - රිචඩ් පීරිස්‌ ටයර් සමාගම), පී. ඒ. සුනිල් ප්‍රේමරත්න මහතා (කළමනාකාර අධ්‍යක්‍ෂ - ඔටෝ ටයර් වේස්‌ (පුද්) සමාගම, අනුරාධපුරය), එම්. එච්. ටී. ඡේ ශාන්තිරත්න මහත්මිය - කළමනාකාර අධ්‍යක්‍ෂිකා, දික්‌වැල්ල ශාන්ති ටයර් මාර්ට්‌ (පුද්) සමාගම), ඩබ්. ඒ. ඩබ්.සිසිර කුමාර මහතා (රඹුක්‌කන සිසිර ටයර් හවුස්‌), එච්. එම්. වසන්ත කුමාර මහතා (ආසිරි ටයර් ටේ්‍රඩර්ස්‌, මීගමුව), අයි. ඒ. කරුණාතිලක මහතා (පන්නල හිරුණි ටයර් හවුස්‌), මස්‌කෙළිය වැවිලි සමාගමේ අධ්‍යක්‍ෂ, ආචාර්ය අනුර ඒකනායක මහතා (ප්‍රධාන ආරාධිත අමුත්තා), වසන්ත අබේසිරිගුණවර්ධන මහතා (අධ්‍යක්‍ෂ - රිචඩ් පීරිස්‌ ටයර් සමාගම/ රබර් කම්පවුන්ඩ් සමාගම), බයිජු රාධක්‍රිෂ්ණන් මහතා උප සභාපති - බිර්ලා ටයර් සමාගම, ඉන්දියාව)

රිචඩ් පීරිස්‌ ටයර් සමාගමේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ටයර් අලෙවි නියෝජිතයන්ගේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මාන ප්‍රදානෝත්සවය 'Success Trail - Top Dealer Awards - 2012'  2012 නමින් රිචඩ් පීරිස්‌ සමූහ ව්‍යාපාරයේ මස්‌කෙළිය වැවිලි සමාගමේ අධ්‍යක්‍ෂ, ආචාර්ය අනුර ඒකනායක මහතා, රිචඩ් පීරිස්‌ සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ/ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීමේ අංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ලියනගේ මහතා හා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ප්‍රධානත්වයෙන් අලුත්ගම ඊඩ්න් රිසෝර්ට්‌ හා ස්‌පා හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට විශේෂ ආරාධිත අමුත්තකු ලෙසින් ඉන්දියාවේ බිර්ලා ටයර් සමාගමේ උප සභාපති බයිජු රාධක්‍රිෂ්ණන් මහතා සහභාගි විය.

උතුර නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන ලෙසින් ටයර් අලෙවි නියෝජිතයන් 1500 කට අධික පිරිසක්‌ අතුරෙන් තෝරාගත් විශිෂ්ට අලෙවි නියෝජිතයන් 60 ක්‌ සිය පවුලේ සාමාජිකයන් සමගින් වාර්ෂිකව එක්‌රැස්‌වන මෙම රිචඩ් පීරිස්‌ ටයර් සමාගමේ අලෙවි නියෝජිත සම්මාන උළෙල මෙරට ටයර් අලෙවි නියෝජිතයන් අතර ප්‍රකටව ඇත්තේ ටයර් අලෙවි නියෝජිතයන්ගේ පවුල්වල වසරේ සුහද හමුවක්‌ ලෙසිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.