පෙරේරා ඇන්ඩ් සන්ස්‌ 110 වැනි සංවත්සරය

ශ්‍රී ලංකාවේ බේකරි කර්මාන්ත ක්‌ෂේත්‍රයේ අද්විතීය නාමයක්‌ සටහන් කළ පෙරේරා ඇන්ඩ් සන්ස්‌ (P&S) ආයතනය සිය 110 වැනි සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබිය.

මේ නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්‌ කොළඹ 03, කොල්ලුපිටිය ඩීල් පෙදෙසේ පිහිටි Bars Cafe හිදී පසුගියදා පැවැත්විණි. එහිදී සිය ව්‍යාපාරයේ අභිමානවත් 110 වැනි සංවත්සරය පිළිබඳව පෙරේරා ඇන්ඩ් සන්ස්‌ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‌ෂ ගිහාන් පෙරේරා මහතා මාධ්‍යවේදීන් දැනුවත් කළ අයුරු. සහකාර සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) ශ්‍රීජිත් දොළගේ (වම් කෙළවර), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) කමල් ඡේමන් සහ අධ්‍යක්‌ෂ සාමාන්‍යාධිකාරී පරාක්‍රම දසනායක යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.