මහජන මුදල් කොල්ලකෑමේ ගිනස්‌
වාර්තාවක්‌ ආණ්‌ඩුව පිහිටුවා තිබෙනවා

- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ පැවැති වෘත්තීය සමිති සමුළුවකදී කියයි

වැඩ කරන ජනතාවගේ ඉල්ලීමට අනුව
මේ වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුව සංවිධානය කළා

ආණ්‌ඩුව වැඩ කරන කම්කරු ජනතාව තළා පෙළා මර්දනය කරනවා
- සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය

පියසේන දිසානායක

ලෝකයේ දූෂිතම ආණ්‌ඩු ලැයිස්‌තුවේ සිටින කිසිම ආණ්‌ඩුවක්‌ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙන් ඒ ඒ රටවල වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලටවත්, විශ්‍රාම වැටුපටවත් ඉතිරි කිරීමේ තැන්පතුවලටවත් අත තබා නැති බවත් මහජන මුදල් කොල්ල කෑමේ ගිනස්‌ වාර්තාවක්‌ ද ආණ්‌ඩුව පිහිටුවා ඇතිබවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (02 වැනිදා) කොළඹ පැවැති වෘත්තීය සමිති සමුළුවකදී පැවැසීය. විවිධ ක්‍ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිති නායකයන් හා නියෝජිතයන් ඒකාබද්ධ කර ගනිමින් කොළඹ නව නගර ශාලාවේදී මෙම වෘත්තීය සමිති සමුළුව පැවැත්විණි.

වෘත්තීය සමිති සමුළුව අමතා තවදුරටත් අදහස්‌ දැක්‌වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපි ඡන්දය දුන්නේ සන්ධානයටයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටයි, මගේ තාත්තා ගොවියෙක්‌. ඔහු විශ්‍රාම ගෙන සිටින නමුත් ඔහුට ගොවි විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. මමත් අපේ සමාගමෙන් දැන් විශ්‍රාම ගැනීමටයි යන්නේ. මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව අර්ථසාධක අරමුදලටත් ගහලා. මගේ භාර්යාව රුපියල් 50,000 ක්‌ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කළා. මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව ඒ බැංකුවටත් ගැහුවා. මගේ පුතා උසස්‌ පෙළ විභාගයට ලිව්වා. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ඉසෙඩ් ලකුණින් ඒ විභාග ප්‍රතිඵලවලටත් ගැහුවා. යන්න තැනක්‌ නැහැ. කරන්න කිසිවක්‌ නැහැ. ඊළඟ සැරේ නම් මුන්ට විරුද්ධව ඡන්දය දෙනවා" යෑයි ගිය සතියේ මට හමු වූ එක්‌තරා සේවකයෙක්‌ මා සමඟ කියා සිටියා.

රටේ සේවක සේවිකාවන්ගේ අර්ථසාධක අරමුදල, ගොවි ජනතාවගේ ගොවි විශ්‍රාම වැටුප සහ රටේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ලකා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව අලුත් ලෝක ගිනස්‌ වාර්තාවක්‌ තබා තිබෙනවා.

ලෝකයේ දූෂිතම ආණ්‌ඩු ලැයිස්‌තුවේ සිටින සමහර රටවල ආණ්‌ඩු ආණ්‌ඩුවේ මුදල් ගෙන සිය සාක්‌කුවට ඔබා ගෙන තිබෙන අතර තවත් සමහර ආණ්‌ඩු ආණ්‌ඩුවේ මුදල් සිය පෞද්ගලික දේපොළ ලෙස පාවිච්චි කර තිබෙනවා. සමහර ආණ්‌ඩු විවිධ ව්‍යාපාර කර කොමිස්‌ ගසා තිබෙන අතර තවත් සමහර ආණ්‌ඩු විවිධ ජාවාරම්කරුවන් සමඟÊවැඩ කර තිබෙනවා.

නමුත් ලෝකයේ දූෂිතම ආණ්‌ඩු ලැයිස්‌තුවේ සිටින මේ කිසිදුÊආණ්‌ඩුවක්‌ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව වගේ ඒ ඒ රටවල කම්කරුවාගේ අර්ථසාධක අරමුදලටවත්, විශ්‍රාම වැටුපටවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවටවත් අත තබා නැහැ.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ වාර්තා තැබීමට නොහැකි නිසා දොa මේ ආණ්‌ඩුව යටතේ අප අර්ථසාධක අරමුදල, ගොවි විශ්‍රාම වැටුප සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොල්ල කා ගිනස්‌ වාර්තාවක්‌ ද ඔලිම්පික්‌ වාර්තාවක්‌ ද තබා තිබෙනවා.

සේවක සේවිකාවන්ගේ අර්ථසාධක අරමුදල කියන්නේ ලෝකයේ කම්කරු ජනතාවට තිබෙන විශ්‍රාමික අයිතිය බව පැහැදිලිව කිව යුතුයි. ලෝකයේ එදා ඇති වූ වෘත්තීය සමිති සටන් සහ සේවක අරගල ඔස්‌සේ කම්කරු ජනතාවට 20 වැනි ශත වර්ෂයේදී මේ අයිතිවාසිකම් ලැබුණා. සේවක අර්ථසාධක අරමුදලට අමතරව දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා යටතේ සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල ද අප පිහිටවූයේ සේවක සේවිකාවන්ගේ අයිතීන් සහ අවශ්‍යතා අනුවයි.

ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම අරමුදල සේවක අර්ථසාධක අරමුදල වන අතර අපේ රටේ සිටින ධනවත්ම පුද්ගලයා සතු ව්‍යාපාර ඇතුළු සියලු වත්කම් මේ අරමුදලේ තිබෙන කාසිවලින් මිලදී ගත හැකියි.

සේවක සේවිකාවන් සතු මේ අර්ථසාධක අරමුදල ආරක්‍ෂා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ඇප කැප වී සිටින්නේ ඒ නිසයි. මේ අරමුදල ආරක්‍ෂා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එම අරමුදලේ පාලක මණ්‌ඩලයට එදා කොන්දේසි පනවා ඒ අයිතිය ඒ අයට පවරා දුන්නා. මේ අරමුදල පාවිච්චි කරමින් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කරනවා නම් එසේ කොටස්‌ මිලදී ගත යුත්තේ කිනම් සමාගම්වලින්ද සහ ඒ කෙසේද යන්න පිළිබඳව ද 2002 දී අප කොන්දේසි පැනෙව්වා.

නමුත් අප එදා පැනවූ රෙගුලාසි කිසිවක්‌ මේ ආණ්‌ඩුව යටතේ ක්‍රියාත්මක නොවන අතර කොටස්‌ වෙළෙඳපොළේ තිබෙන සතයක්‌වත් නොවටිනා කොටස්‌ සඳහා අර්ථසාධක අරමුදලින් විශාල වශයෙන් මුදල් ගෙවා තිබෙනවා. බංකොලොත් භාවයට පත්ව කිසිදු වත්කමක්‌ නොමැතිව කඩා වැටී තිබෙන සමාගම්වල කොටස්‌ සේවක අර්ථසාධක අරමුදලින් විශාල වශයෙන් මුදල් වියදම් කර මිලදී ගත්තේ ඇයි?

මේ ගනුදෙනු සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්වයන් වහාම කරුණු සොයා බැලූ අතර අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කළා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ නමුත් ඒ කිසිවකට ආණ්‌ඩුව පිළිතුරු දුන්නේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදල පාවිච්චි කරමින් කොටස්‌ වෙළෙඳපොළේ මිලදී ගත් කොටස්‌ පිළිබඳව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළ අවස්‌ථාවේදී ඒ සඳහා පිළිතුරු ලබා දීමට තෙමසක්‌ කල් ඉල්ලූ ආණ්‌ඩුව ඒ කාලය ගෙවී ගියාට පසුව තවත් තෙමසක්‌ ඒ සඳහා කල් ඉල්ලා සිටියා.

2010 සිට 2012 මැයි මස අවසන් වනතුරු සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල මිලදී ගත් කොටස්‌ කවරේද? කොටස්‌ මිලදී ගන්නා විට කොටසක වටිනාකම කොපමණ ද? ඒ කොටස්‌ මිලදී ගැනීම සඳහා යෙදවූ මුළු මුදල කොපමණද? මේ වන විට එම කොටසක වටිනාකම කොපමණ ද යනුවෙන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මා ප්‍රශ්න කළා.

මම ඇසූ මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලෙස ආණ්‌ඩුව විනාඩි 45 ක්‌ පමණ මුළුල්ලේ පාර්ලිමේන්තුවේ විවිධ කතා කියා සිටි නමුත් මම ඇසූ ඒ කිසිදු ප්‍රශ්නයකට කිසිදු පිළිතුරක්‌ ලැබුණේ නැහැ. රටේ බරපතළ ප්‍රශ්නයක්‌ ගැන විරුද්ධ පක්‍ෂයේ නායකයා පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටවත් මේ ආණ්‌ඩුවට හැකියාවක්‌ ඇත්තේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදල පාවිච්චි කරමින් ආණ්‌ඩුව සිදු කළ මේ ගනුදෙනුවල වටිනාකම රුපියල් කෝටි 5,000 ක්‌ පමණ වන බවට අපට විවිධ තොරතුරු වාර්තා වන අතර ඒ ප්‍රමාණය කොපමණ ද කියා

නිවැරැදිව සොයා ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ අනුව බැලුවාම කොළඹ ගලධාරි හෝටලය පවා අපට මේ වෙනුවෙන් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. රුපියල් කෝටි 5000 ක්‌ වටිනා එක සමාගමක්‌ හෝ ශ්‍රී ලංකාවේ තිබෙනවාද?

රට අභ්‍යන්තරයේ සිට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය උපයන ඇඟලුම් කර්මාන්තයේ, තේ කර්මාන්තයේ සහ සංචාරක ව්‍යාපාරයේ ද මේ ජනමාධ්‍යවේදීන්ගේ ද ඇතුළු සමස්‌ත සේවක සේවිකාවන්ගේ මුදල් තිබෙන්නේ මේ සේවක අර්ථසාධක අරමුදලේයි.

සේවක සේවිකාවන්ගේ මේ අර්ථසාධක අරමුදල ආණ්‌ඩුව අභ්‍යන්තරයේ සිටින වාමාංශික දේශපාලන පක්‍ෂ නායකයන් ආරක්‍ෂා කර දේවි යෑයි මා සිතුවා. නමුත් මේ ගැන කතා කිරීමට ඒ නායකයන් ද සමහර වෘත්තීය සමිති නායකයන් ද අකමැති බව පැහැදිලිව පෙනී යනවා.

මේ තත්ත්වය යටතේ දේශපාලන පක්‍ෂ වශයෙන් නොව වෘත්තීය සමිති ලෙස මේ වේදිකාවේ සිටින සියලු වෘත්තීය සමිති සේවක අර්ථ සාධක අරමුදල ආරක්‍ෂා කර ගැනීමේ ඇතුළු සේවක සේවිකාවන්ගේ අයිතීන් වෙනුවෙන් එකට එක්‌ව සිටිනවා. ඊට විශේෂයෙන් ප්‍රශංසා කරන මම එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය මේ සියලු වෘත්තීය සමිතිවලට ලබා දීමට ඇපකැප වන බවට සහතික වෙනවා.

වෘත්තීය සමිති ලෙස සේවක අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් මේ වෘත්තීය සමිති ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අප සහයෝගය ලබා දෙන අතර මේ සටන වෙනුවෙන් මහ පාරට බැසීමට සූදානම් නැති වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීය සමිති සිටිනවා නම් ඒ අය පිළිබඳ තොරතුරු ද අප රටට හෙළි කළ යුතුව තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ උප නායක ජෝශප් මයිකල් පෙරේරා මහතා -

දේශපාලන ප්‍රතිපත්ති සහ අනන්‍යතා ඒ අයුරින්ම තිබියදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සහ අවශ්‍යතා ද ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය සහ නිදහස ද ඇතුළු පොදු කාරණා වෙනුවෙන් සියලු දේශපාලන පක්‍ෂ සහ නායකයන් එකට එක්‌විය යුතු බවට සමස්‌ත වැඩ කරන ජනතාවගෙන් කෙරුණු ප්‍රබල ඉල්ලීමට අනුව සියලු වෘත්තීය සමිති එකට ඒකරාශී කර අප මේ වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුව සාර්ථක ලෙස සංවිධානය කළා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති ජයලත් ජයවර්ධන මහතා

අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 1994 ජනාධිපතිවරණයේදී ක්‍රියා කළ ආකාරය ගැන උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේනට හදිසියේම මතක්‌ වූයේ මේ තරම් කාලයක්‌ බකන් නිලාගෙන සිටියාට පසුවද? මෛත්‍රිපාල සිරිසේනගේ පඬුපුල් ආසනය මෙසේ රත් වී ඔහු මේ කෑ ගහන්නේ උතුරු මැද පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ගිය අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශාල ජනකායක්‌ එකට ඒකරාශී වූ නිසයි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා

සේවක අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා තහවුරු කෙරෙන වෘත්තීය සමිති ව්‍යාපාරය විවිධ උපාය උපක්‍රම ඔස්‌සේ මර්දනය කරමින් සිටින ආණ්‌ඩුව අධිකරණ වාරණ නියෝග මගින් ද ඒ සඳහා පියවර ගනිමින් වැඩ කරන ජනතා අරගලය මර්දනය කිරීමට අධිකරණය ද යොදා ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තරයට ගොස්‌ කම්කරු ප්‍රඥප්ති අත්සන් කර කම්කරු අයිතීන් තහවුරු කිරීමට එකඟ වන ආණ්‌ඩුව රට අභ්‍යන්තරයේ ඒ කිසිවක්‌ ක්‍රියාත්මක නොකරමින් වැඩ කරන කම්කරු ජනතාව සම්පූර්ණයෙන් ම තළා පෙළා මර්දනය කරනවා.

නිදහස්‌ වෙළෙඳ කලාපීය පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස්‌ මහතා -

වැඩ කරන ජනතාවගේ සල්ලිවලින් එදා වේල රෝල්කර ගන්නා මේ ආණ්‌ඩුව අපේම සල්ලි පාවිච්චි කර අපට පහර ගසා අපව මර්දනය කිරීමට විවිධ නීති - රීති ඇතුළු අණපනත් නිර්මාණය කරමින් සිටින නිසා ඊට එරෙහිව අප සියල්ලන් එකට පෙළගැසිය යුතුයි.

නිදහස්‌ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා -

මහින්ද රාජපක්‍ෂ පවුල දේශපාලන ගැතිකම එකම සුදුසුකම ලෙස සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ගණකාධිකාරිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් පත් කර වැඩ කරන ජනතාව ඇතුළු සමස්‌ත ජනතාවගේ සල්ලි සහ දේපොළ කොල්ලකනවා.

වැඩ කරන ජනතාවගේ අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් මේ අරගලයට එක්‌ නොවී සම සමාජ පක්‍ෂයේ සහ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ වාමාංශික නායකයන් යෑයි කියා ගන්නා අය විවිධ තනතුරු සහ වරප්‍රසාද මත මහින්ද රාජපක්‍ෂ වන්දනාවේ යෙදී සිටිනවා.

එක්‌සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස්‌ ජයතිලක මහතා -

වැඩ කරන ජනතාවට ජීවත් වීමට තිබෙන නිදහසත්, සිය අයිතීන්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට තිබෙන නිදහසත් උදුරා ගනිමින් ආණ්‌ඩුව විවිධ ක්‍රමෝපායන් ඔස්‌සේ මර්දනය ක්‍රියාත්මක කරමින් වෘත්තීය සමිති අරගල මර්දනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. වැඩ කරන ජනතාව ප්‍රධාන වෘත්තීය සමිති සිය අයිතිවාසිකම්, ඉල්ලීම් සහ අවශ්‍යතා වෙනුවෙන් කරන අරගල අධිකරණ වාරණ නියෝග මගින් තහනම් කරමින් එම අරගල මර්දනය කිරීමේ මේ නවතම ක්‍රමවේදය සකස්‌ වූයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙනුයි.

එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ. වේලායුධන් සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ධර්මසිරි ලංකාපේලි යන මහත්වරු ද එහිදී කතා කළහ.

මේ අවස්‌ථාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක, සන්නිවේදන ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර. කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල්, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල්, එක්‌සත් ලක්‌ වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කොන්ගහගේ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන මුජිබර් රහ්මාන් සහ µයිරූස්‌

හාඡ්ජියාර් ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ද වෘත්තීය සමිති සාමාජිකයන් ද ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.