සෝභිත හිමියන්ගේ ප්‍රකාශය සාක්‍ෂියක්‌ වේවි

රනිල් ධර්මසේන

ජාතික කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් කර ඇති ප්‍රකාශය එම සොරකම සෙවීමට සාක්‍ෂියක්‌ වනු ඇති බැවින් ආරක්‍ෂක අංශ ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු කරනු ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

සෝභිත හිමියන්ට හෝ ඕනෑම අයකුට තමන්ගේ අදහස දැරීමට අයිතියක්‌ ඇති බවත් ආණ්‌ඩුවේම පාර්ශ්වකරුවකු ලෙස සිටිමින් එලෙස ප්‍රකාශ කිරීමට හැකිවීම සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් විදහා දැක්‌වීමක්‌ බවත් ඔහු පැවසීය.

උන්වහන්සේගේ ප්‍රකාශයන් පිළිබඳව පොලිසිය ක්‍රියාත්මක වී ඉදිරියේදී සොයා බැලීමට පියවර ගනු ඇති බවත් හෙතෙම කීය.

පොලිසිය මේ වනතෙක්‌ම සොරුන් අල්ලා ගැනීමට නිවැරැදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉදිරියටත් පරීක්‍ෂණ පවත්වමින් සොරුන් අල්ලා ගැනීමට පොලිසිය කටයුතු කරන බවත් ඊයේ (23 වැනිදා) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.