විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
කරන ඉල්ලීමට කිසිම පදනමක්‌ නෑ

ජාති හිතෛෂී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්ධානයේ කැඳවුම්කරු


දසුන් එදිරිසිංහ

රටේ දළ දේශීය ආදායමෙන් සියයට හයක්‌ අධ්‍යාපනයට වෙන් කළ යුතු බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කරන ඉල්ලීම කිසිදු පදනමක්‌ නැති හාස්‍යජනක ඉල්ලීමක්‌ යෑයි ජාති හිතෛෂී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්ධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට අවශ්‍ය වී ඇත්තේ වැටුප් වැඩි කර ගැනීමටයි. එහෙත් නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීමේ සටන් පාඨයක්‌ එකතු කර සිසු අධ්‍යාපනය අඩාල කිරීමට බොරු වර්ජනයක්‌ කරගෙන යනවා යෑයි ද ජයතිලක මහතා පැවසීය.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිරිසක්‌ මාස දෙකකට උඩදී ආරම්භ කළ වර්ජනය නිසා මෙවර අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම දින නියමයක්‌ නැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුවෙලා. මේක අහිංසක සිසුන්ට කළ බරපතළ අසාධාරණයක්‌ යෑයි ද ජයතිලක මහතා වැඩිදුරටත් කියයි.

ඊයේ (16 දා) කොළඹදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.