මේ වසරේ දී පමණක්‌ ජලභීතිකාවෙන් 28
දෙනෙක්‌ මරුට ගිය වසරේත් 41 ක්‌ මැරිලා


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

2012 ජනවාරි 01 වැනිදා සිට මේ දක්‌වා කාලය තුළදී මාරාන්තික ජල භීතිකා රෝගයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 28 දෙනකු මරුමුවට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්‌ෂ කාර්යාල වාර්තා සඳහන් කරයි. පසුගිය 2011 වසර තුළදී මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 41 දෙනකු මියගොස්‌ ඇති බවද එම වාර්තා පවසයි.

වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කිරීම සහ හඳුනාගත් වෙනත් ක්‍රියාකාරකම් මගින් ජලභීතිකාව නිසා මරණයට පත්වීම සම්පූර්ණයෙන් වළක්‌වාගත හැකිය.

සියලු සුනඛයන්ට/බළලුන්ට වයස සති 6 දී, මාස 3-6 අතරදී එන්නත් වාර 2 ක්‌ සහ ඉන්පසුව වසරක්‌ පාසාම ජල භීතිකාව වළක්‌වන එන්නත් ලබාදීමෙන් ලෙවකෑමක්‌, සීරීමක්‌, සිදු කළ විට රජයේ වෛද්‍ය ආයතනයකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස්‌ උපදෙස්‌ ලබාගැනීමෙන් දඩාවතේ යන සුනඛයන් එන්නත් කිරීමට, වන්ධ්‍යකරණය කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහාය ලබාදීමෙන් ජලභීතිකා උවදුර මැඬලීමට සැමට එක්‌විය හැකිය.

මෙම කරුණු සලකා බලා වසර 2016 දී ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේ සාර්ථක වැඩපිළිවෙලක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇත. මෙම කරුණු මාධ්‍යයට හෙළි කිරීමත්, ජලභීතිකාව ව්‍යාප්ත වීම වැළැක්‌වීමට ජනතා සහාය ලබාගැනීම උදෙසා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය ඒකකය සමග එක්‌ව පවත්වන මාධ්‍ය සම්මන්ත්‍රණය හෙට (21 වැනිදා) සිකුරාදා පෙරවරු 9.00 ට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.