"තමිල්නාඩු පදය" හරිහැටි හඳුනා ගනිමු

ලංකේෂ්වර කිවුලේගෙදර



තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ ටෙසෝ (දෙමළ ඊළම සඳහා සහය දක්‌වන්නන්ගේ සංවිධානය) නාඩගමෙන් ඔහු වෙත සංකේන්ද්‍රණය වූ සම්ප්‍රයුක්‌ත දෙමළ ජනමතය යළි කළඹා ආපසු හරවනු වස්‌ ජයලලිතා මහ ඇමැතිතුමිය තම ප්‍රාන්තයේ පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය මධ්‍යම රජය වෙත ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් පුහුණු කිරීම පිළිබඳ ඉතා තදබල අයුරින් විරෝධතාව පළ කළාය. නොබෝදා "අපි දෙමළ" නම් සංවිධානයකට අයත් යෑයි කියාගත් පිරිසක්‌ ශ්‍රී ලාංකික දරුදැරියන් පිරිසකගේද සහභාගීත්වයෙන් "ටි්‍රචී" හි පැවැත්වෙමින් තිබූ සංස්‌කෘතික උළෙලක්‌ කඩාකප්පල් කර පැය 48 ක්‌ ගතවීමටත් මත්තෙන් ප්‍රාන්තයේ "ප්‍රථම පුරවැසියා" වන මහ ඇමැතිතුමිය චෙන්නායි හි පුහුණුව ලබන පාපන්දු කණ්‌ඩායම් දෙකක්‌ පලවා හැරීමට නියෝග කර තම ගෝත්‍රික දේශපාලන න්‍යාය යළිත් ප්‍රදර්ශනය කළාය. ඉන් ගම්‍යමාන වන්නේ බෙදුම්වාදය සඳහා මරාගෙන මැරෙන කාඩර්වරුන් පුහුණු කිරීමට තමන් සූදානම් නමුත් දෙමළ සංස්‌කෘතියේ "මහගෙදර" වන තමිල්නාඩුවේදී ඒ මහා සංස්‌කෘතිය සමග අන්තර්ක්‍රියා කිරීමට සිංහල ජනතාවට ඇති අවස්‌ථා වඩවඩාත් පුළුල් කර ශ්‍රී ලංකාවේ තිරසාර වාර්ගික සංහිඳියාවකට දායකවීමට කිසිසේත්ම අකමැති බව නොවේද? ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ යෝජිත ඉන්දියානු සංචාරයට ඉඩ ලබා නොදිය යුතුයෑයි යන සටන් පාඨය මේ විරෝධතා උන්මාදයේ නවතම තත්ත්වය වි ඇත. එකිනෙකා පරයමින් ශ්‍රී ලංකා විරෝධී භාවිතාවක නිරතවන මේ මහලු ශරීර ද්වයෙන් විද්‍යමාන වන්නේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික පරිණතභාවයක්‌ නොවුණත් ඒ බංකොලොත් මිනිසාත් ගැහැනියත් සමස්‌ත දකුණු ඉන්දියාව පුරාම සීග්‍රයෙන් ව්‍යාප්ත වන දැවැන්ත ද්‍රdවීඩියානු ව්‍යාපාරය නම් කුණාටුව හමුවේ තව දුරටත් තම වැඩවසම් දේශපාලන ක්‍රමවේදයත් ආරක්‌ෂා කර ගැනීමට එම ද්‍රdවීඩියානු ප්‍රවනතාවන්ට සරිලන කුමන්ත්‍රණකාරී අන්තගාමී මත වපුරවමින් සිටින බව නම් පැහැදිලිය. ද්‍රdවිඩියානු ව්‍යාපාරයේ ආකර්ශනය සඳහා උපයුක්‌ත වන මතවාද ඔස්‌සේ ඔවුන් නිරත වන දේශපාලන භාවිතය ශ්‍රී ලංකාවට බෙහෙවින් බලපා ඇති බව හෝ වෙසෙසින් අදාළ කරගෙන ඇති බව පෙනේ. වඩාත් වාර්ගික ස්‌වරයකින් යුත්, විටෙක දෙමළ විරෝධි ප්‍රධාන මෙන්ම උප ශීර්ෂපාඨ මෙරට ජනමාධ්‍ය තුළ සුලභ විය. කරුණානිධිගේ ටෙසෝ සමුළුව, එහි කළ කී දෑ, එහි සම්මත කරගත්තා යෑයි කියන යෝජනාවලිය, ටෙසෝ යන්නට ගිය වික්‍රමබාහුට වීසා නොලැබීම හා පසුව ලැබීම , ඔහුගේ කතාව අතරමග නතර කිරීම, ඒකාබද්ධ විපක්‌ෂ පෙළපාලියකදී ඔහු කුණු බිත්තර ප්‍රහාරයකට ලක්‌වීම, ටෙසෝ යාගත නොහැකි වූ ජයලත් ජයවර්ධනගේ අඬවැඬියාව, ආදි කරුණු ජනමාධ්‍ය ඔස්‌සේ අපට දැක ගත හැකිවිය. තමිල්නාඩු අධිකරණය ටෙසෝ තහනම් කිරීම, තමිල්නාඩු පොලිසිය ටෙසෝ පැවැත් වීමට ඉඩ නොදෙන බව ආදියද අපට සැලවිය. එහෙත් ටෙසෝ පැවැත් විණි. සමස්‌ත තමිල්නාඩු දේශපාලනයම "අපි දෙමළ" යෑයි කියා ගන්නා බෙදුම්වාදී අතලොස්‌සකගේ අත් රූකඩ බවට පත්වෙද්දී අපිදු ඊටම නොදෙවෙනි කොළඔදී කරුණානිධිගේ පඹයන් පුළුස්‌සා විරෝධය දැක්‌වීමු. එහි "ගතියක්‌" නැතුවා නොවේ. බහුතර සිංහලයාගේ ලේ රත්වන ප්‍රකාශ කෙනහිලිකම් ක්‍රියාමාර්ග ඇසෙද්දී දකිද්දී නිහඬව සිටීමට අපි සැවොම මාර්ගඵලලාභීන් නොවන බව සැබෑවකි. එහෙත් මෙබඳු සංසිද්ධීන්වලදී වඩාත් විමර්ශනශීලී වීමෙහිත්, සමාජමය වශයෙන් කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බුද්ධිමත් ප්‍රතිචාර දැක්‌වීමක අවශ්‍යතාවය අවධාරණය කරනු වස්‌ තමිල්නාඩු දේශපාලනයේ "එදාවේල" බවට පත්ව ඇති ශ්‍රී ලංකා "ආසාත්මිකතාව" ගැන අත්‍යාවශ්‍ය පසුවදනක්‌ ගොනු කිරීම වටී.

වරිග සභාවකට නොදෙවෙනි වන තමිල්නාඩුවේ "තුන්වන පංතික" දේශපාලනය, අන්‍ය ස්‌වෛරී රටක්‌ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ රාජ්‍යතාන්ත්‍රික රෙගුලාසි තුට්‌ටුවකට මායිම් නොකරද්දී, එකී මධ්‍යම රජයේ මුනිවත රැකිමේ ස්‌ථාවරය, පාලක කොන්ග්‍රසයේ දේශපාලන බලය රැකගැනීම සඳහා "තමිල්නාඩු සාධකය" සමග "හොඳහිත" පවත්වා ගැනීමට අනුගමනය කරනු ලබන උපක්‍රමයකැයි සිතා අපට මද අස්‌වැසිල්ලක්‌ ලද හැකි නමුදු එය බෙහෙවින් කල් ඉකුත් වූ තර්කයක්‌ බව අපේ අදහසයි. එහෙත් ඉන්දීය මධ්‍යම රජයේ "මුනිවත රැකීමේ ස්‌ථාවරය" විසින් ඉටුකරනු ලබන්නේ ජයලලිතාත් කරුණානිධිත් හරහා ක්‍රියාවට නැගෙන ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවකට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික වටපිටාව සකසාදීමද යන්න සැකසහිතය. නොඑසේ නම් ශ්‍රී ලංකාව සමග ඇති "පොඩි පොඩි" රාජ්‍යතාන්ත්‍රික අමනාපකම් පිරිමසා ගැනීමට තමිල්නාඩුවේ කෙනෙහිලිකම් ඉවසා සිටිනවාද? එසේත් නොමැති නම් එම "මුනිවත රැකීමේ ස්‌ථාවරය" කියා පාන්නේ "තමිල්නාඩුව" තවදුරටත් ඉන්දීය ෙµඩරල් රජයේ ප්‍රාන්තයක්‌ නොවන වෙනම "ස්‌වාධීන රාජ්‍යයක්‌" බවද?

මෙම විග්‍රහයේ පළමු අර්ධය සඳහා අපේ ජනවහරේ ආප්තෝප දෙකක්‌ කදිම පසුතලයක්‌ සපයයි. පළමුවැන්න, "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන සරල ජන සිද්ධාන්තයයි. දෙවැන්න "බල්ලන් කොතෙක්‌ බිරුවද කඳු පහත් නොවන හා නොවිය යුතු" බවයි. ප්‍රස්‌තුත තමිල්නාඩුව හා සම්බන්ධ සංසිද්ධියේදී "කියන්නා" සහ "බුරන බල්ලන්" කටමැත දෙඩවීමෙන් හා බිරීමෙන් අපේක්‌ෂා කරන්නේ මෙරට බහුතර සිත්සතන් තුළ යළි වර්ගවාදය අවුළුවාලීමට බව අප වටහා ගත යුතුය. අනතුරුව ඒ ගින්නේ ගිනි තැපීමට මහලු කරුණානිධිත් ජයලලිතාත් සිතා සිටිනු විය හැකිය. ඒ සඳහා ඔවුහු ද්‍රdවිඩියානු ව්‍යාපාරයේ ආධ්‍යාත්මික ගාමක බලය වන දෙමළ ස්‌වොත්තමවාදය දෙවිධියකට භාවිතා කරති. එය තමිල්නාඩුවේ ධනය හා බලයට උරුමකම් කියන කෑදර අතළොස්‌සකගේ සුඛවිහරණය උදෙසා වන ව්‍යාපාරයක්‌ විනා මෙරට හෝ තමිල්නාඩුවේ අහිංසක දෙමළ වැසියන්ගේ යහපත සඳහා වන මැදිහත්මක්‌ නොවන බව පැහැදිලිය. ශ්‍රී ලංකා නාවුක හමුදාව තමිල්නාඩු ධීවරයන් ඝාතනයට හා සෙසු තාඩන පීඩනවලට ලක්‌කිරීමට කටයුතු කරන්නේය යන්න නිරන්තර චෝදනාවකි. එබඳු එක්‌ විරෝධතාවකට 2011 වසරේ මැයි 12 දා නාගපට්‌ටනම් ගිය සුපිරි දෙමළ චිත්‍රපට නළු ජෝසප් විරේ (ඔහු විවාහ වූ පුවත අසා මෙරට දෙමළ තරුණියක්‌ ගිනි තබාගත් බවද පසුගිය කාලයේ ආරංචි විය) "තමන් පහර දුන හොත් එය ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වන බවත්, මෙම පහරදීම් නතර නොකළහොත් ශ්‍රී ලංකාව නමැති රට ලෝක සිතියමෙන් මකා දමන" බවටත් වහසිබස්‌ දොඩා හැඟීම්බර ජනවිඥනය තවත් අවුස්‌සා වීරයෙකු වී වේදිකාවෙන් බැස ගියේය. ජයලලිතලාද කරුණානිධිලාද, රිදී තිරයේදී පමණක්‌ යුක්‌තිය වෙනුවෙන් දිවිදෙන "සුදු" මැර චරිතවලට පණ පොවන සෙසු නළු බට්‌ටන්ද උත්සහ දරන්නේ බඩගින්නේ පිට කොන්දට ඇලී ඇති දුප්පත් ජනතාවගේ උදර කුහර පුහු වර්ගවාදී වියරුවකින් පුරවා ඔවුන් ඉන්දියාවේ ඊනියා "දෙමළලන්තයකට" හෝ ශ්‍රී ලංකාවේ ඊළමකට ගාල්කර ගැනීමටය. අනතුරුව යෝජනා කරන්නේ සැපවිඳින අතලොස්‌සකගේ දුක්‌ගන්නාරාළලා බවට පත්ව "ජාතිකත්වයේ" නාමයෙන් සියලු නොපනත්කම් ඉවසා සිටීමටය. තවත් සහෝදර ජාතියක්‌ සමග සහයෝගයෙන් ජීවත්වීම ඔවුනට අකැපය. මක්‌නිසාද යත් එය සැපවිඳින අතළොස්‌සගේ පැවැත්මට හානිකර බැවිනි. ඉන්දියාවේ දෙමළලන්තයක්‌ ගැනද ලංකාවේ ඊමක්‌ ගැනද ඔවුන් සිහින දකින්නේ එබැවිනි.

"දෙමළලන්තයක" හෝ "ඊළමක" ස්‌වර්ගයක්‌ මවා පෙන්වන තමිල්නාඩු දේශපාලනඥයින්ට තමන්ගේ නහය අග තිබෙන යථාර්ථය නොපෙනෙයි. එසේත් නැතිනම් ශ්‍රී ලංකාවට අත දිගුකර තම තමන්ගේ නිරුවත සඟවා ගැනීමට වෙරදරයි. මිලියන හැත්තෑ දෙකක්‌ පමණ වන තමිල්නාඩුවේ ජනගහනයෙන් මිලියන 13.5 පමණ අන්ත දුගී තත්වයෙන් ජීවත් වෙතියි 2007 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ග්‍රාම සංවර්ධන හා පංචායත් රාජ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුව කියද්දී 2007.10 .19 දින "ද හින්දු" පුවත් පතට ඇතුල් ප්‍රසාද්, ගිරිජා වෛද්‍යනාදන්, ආර්. සිරිනිවාසන් සැපයූ වාර්තාවක කියවෙන්නේ තමිල්නාඩුවේ දුගී ජනගහනය මිලියන 14.6 ක්‌ බවය. දෙමළ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් ජීවිත පවා පූජාකිරීමට සමත් ජයලලිතා - කරුණානිධි දෙපළ තම ප්‍රාන්තයේ පීඩිත ජන කොටස්‌වලට හරි අපූරුවට සලකන බව පෙනේ. තමිල්නාඩුවේ ජීවත්වන, පහත්යෑයි සම්මත කොට ලේඛනගත කර ඇති කුළ වල ජනගහනයෙන් 48.5% ක්‌ම අන්ත දිළින්දෝ වෙති. 2004 සුනාමි පුනරුත්ථාපන ආධාර විපතට පත් දිළිඳු පුරවැසියන්ට නොලැබුණ බව එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිස්‌ථාපන සහායක කණ්‌ඩායමේ (ඹභඔRS) 2006 වාර්තාව ප්‍රකාශ කරයි. වාර්ෂිකව දෙමළ දරුවන් 50,000 ක්‌ පමණ උතුරු ඉන්දියානු කර්මාන්තශාලාවල මෙහෙකාර සේවය සඳහා තැරැව්කරුවන් හරහා විකුණා දමන බව මේ මහා විමුක්‌තිදායකයෝ දනිත්ද? ඉන්දියාවේ ජාතික අපරාධ කාර්යංශයේ 2005 වාර්ෂික වාර්තාවට අනුව තමිල්නාඩුවේ පහත්යෑයි සම්මත කුළ වල පුරවැසියන්ට එරෙහිව සහාසික අපරාධ (ඝාතන 30 ක්‌ ස්‌ත්‍රී දූෂණ 19 ක්‌ ඇතුළුව) 1206 ක්‌ වාර්තා විය. 2006 වසරේදී පහත්යෑයි සම්මත කුළයකට අයත් "මතේෂ්" නම් තරුණයාට "පොන්නම්මාපෙට්‌" කෝවිලේදී කෙසෙල් කොළයකට "ප්‍රසාදම්" දෙනු වෙනුවට හිස්‌ අතට දීමට ඔහු විරෝධය දැක්‌වීම කෙළවර වූයේ එම තරුණයාව කඩු වලින් කපා දැමීමෙනි. ඒ තබා ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට පලා ආ ද්‍රවිඩ සරණාගතයන්ට සලකනුයේ පුද්ගලයින් තිස්‌නව දෙනෙකු අඩි විස්‌සයි විස්‌ස ප්‍රමාණයේ කූඩු වලට ගාල් කර බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය වාර්තා කරයි. 2012 ජුනි මස 4දා "ඉන්දියා ටුඩේ" සඟරාව වාර්තා කළ ආකාරයට කූදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව, ප්‍රාන්ත රජයේ සන්නද්ධ හා පරිපාලනමය මැදිහත්වීම් එම ව්‍යාපෘතියට එරෙහි ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ හා සාමකාමීව සංවිධානයවීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව ඒ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කළ කොමිෂන් සභාවේ සභාපති, හිටපු මදුරාසි අගවිනිසුරු ඒ. පී. ෂා නිගමනය කර තිබේ. ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාතික අපරාධ වාර්තා කාර්යංශයේ 2009 වාර්තාවට අනුව (CRෂපෑS ධF ෂභෘෂ්) පොලිස්‌ ස්‌ථාන වෙත වාර්තා වූ ඉන්දීය දණ්‌ඩ නීති සංග්‍රහය කඩකිරීමේ පැමිණිලි වලින් තමිල්නාඩුව පසුපසින් සිටින්නේ මහාරාෂ්ඨ්‍රයට හා උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත වලට පමණි. ඒ, වාර්තාගත 717,957 ක අපරාධ සංඛ්‍යාවක්‌ සමගිනි. ඉන්දියාවේ අපරාධ ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රාන්ත 25 අතරින් තමිල්නාඩුව පස්‌වන ස්‌ථානය දිනාගන්නේ ඉන්දියාවේ සිදුවන සමස්‌ත අපරාධවලින් 11.9% කට උරුමකම් කියමිනි. ඉන්දියාවේ අපරාධ ශ්‍රේණිගත කිරීම්වලදී සලකා බලා ඇති ප්‍රධාන නගර 35 අතර තමිල්නාඩුවේ මදුරෙයි හා චෙන්නායි පිළිවෙලින් 6 හා 13 වන ස්‌ථාන "දිනාගෙන" ඇති බවද මාරුවෙන් මාරුවට තමිල්නාඩුව පාලනය කළ ජයලලිතාත් කරුණානිධිත් දත යුතුය.

ප්‍රාන්තයක්‌ ලෙස තමිල්නාඩුව එසේ "ඉදිරියට එද්දී" ඉන්දියාවේ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක්‌ 2011 වසරේ අගෝස්‌තු 19 වනදා සුවිශේෂී ජනමත විචාරණයක ප්‍රතිඵල අනාවරණය කළේය. ඒ අනුව ඉන්දියාවේ දූෂිතම දේශපාලනඥයින් දසදෙනා අතර හත්වන සහ නවවන ස්‌ථාන පිළිවෙලින් කරුණානිධි හා ජයලලිතා විසින් "තියුණු තරගයකින් පසු" දිනාගෙන ඇත. ඉන්දීය දේශපාලන විචාරකයින් අතර කරුණානිධි ප්‍රසිද්ධ වන්නේ දූෂණය ආයතනගත කිරීමට උපන් හපන්කම් දක්‌වන අධිරාජ්‍යයෙකු ලෙසය. මැතිවරණවලදී මුදලට ඡන්ද ලබාගැනීමේ කලාව කරුණානිධිගේ සුලභ දේශපාලන භාවිතයකි. වඩාත් වැදගත් කරුණ වන්නේ ඉන්දියාවේ දූෂිතම දේශපාලනඥයින් දසදෙනා අතර දෙවන ස්‌ථානය දිනා සිටින, රුපියල් කෝටි 176,000 ක්‌ වංචා කිරීමේ වරදට හසුව දැනට තිහාර් බන්ධනාගාරයේ සිටින හිටපු සන්නිවේදන හා තොරතුරු තාක්‌ෂණ ඇමැති ඒ. රාජා විසින් කරුණානිධි "තමාට ගුරුහරුකම් දෙන ජ්‍යෙෂ්ටයා" සේ සැලකීමය.

අප මේ සියල්ල ඉදිරිපත් කළේ යටකී ආප්තෝපදේශවල සඳහන් කටමත දොඩන "කියන්නාගේ" හා බුqරන "බල්ලාගේ" සැබෑ හැඩරුව, කෙරුවාව හදුන්වා දීමටය. ඒ නයින් "අසන්නා" කලබල විය යුතු නැති බව හා "කඳු" පහත් වීමට ඉක්‌මන් නොවිය යුතු බව කීමටය. ඒ හැර අප උත්සාහ දරන්නේ ජයලලිතාගේ හෝ කරුණානිධිගේ දූෂණ වංචා ලැයිස්‌තු ගත කර මෙරට සහෝදර දෙමළ ජනතාව වෙනුවෙන් රජයෙන් ඉටු වියයුතු යුතුකම් කල්දැමීම සාධාරණීකරණයට හෝ ඔවුනට හිමිවිය යුතු සිවිල් හා දේශපාලන අයිතින් සුලුකොට තැකීමට නොවේ. පෙරකී ලෙසින් මෙම තත්ත්වය බුද්ධිමත්ව විග්‍රහ කරගන්නා අතරම අවශ්‍ය නම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතිචාර දැක්‌වීමේ අවශ්‍යතාවද, හැකියාවද ශ්‍රී ලංකා රජය සතුවිය යුතුය. එහෙත් අප දකින්නේ නූතන ශ්‍රී ලාංකීය දේශපාලනයද එම වර්ගවාදී වාචාලයන්ගේ සAථාවරයන්ට උඩගෙඩි දෙන හා එම "ඇවිස්‌සීම්"වලින් යෑපෙන ස්‌වභාවයකි. මේ කියන්නේ තමිල්නාඩුවේ හෝ කොහේ හෝ ජරපත් දේශපාලන "කවන්ධයන්" විද ලේ උරාබී යෑපෙන "ටී.එන්.ඒ" හෝ "බාහු" වැනි බංකොලොත් දේශපාලන "කිණිතුල්ලන්" ගැන නොවේ. සංවාදයට ලක්‌ව ඇති උතුරු නැගෙනහිර පළාත් තබා යටත්පිරිසෙයින් සෙසු ප්‍රදේශවල හෝ පළාත්a පාලන මට්‌ටමේ සිට ඉහළට දේශපාලන සංස්‌ථාව ජරාජීර්ණවීම තිරසාරව නවතාලීම සඳහා නිරපේක්‌ෂකව අගය කළ හැකි යම් ප්‍රතිපත්තියක්‌ වත්මන් පාලකයන් විසින් සම්පාදනය කර තිබේද? දශක තුනක සන්නද්ධ අරගලයක්‌ පැවති ප්‍රදේශයකින් හමුදා සේනාංක ඉවත් කිරීම එක්‌ රැයකින් කළ නොහැකි බව සැබෑ නමුත් ඒ "අවසරය" එම ප්‍රදේශවල ජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් උල්ලංඝනය සඳහා යොදා ගැනෙන්නේද? මේ සංවේදී ප්‍රශ්න සඳහා පිළිතුරු සතුටුදායක වුවද නොවුවද, අපේ "රටකරවන" සූත්‍රයද, හැඟීම්බර, උද්වේගකර, සටන් ජවනිකා, ආගමික ජවනිකා ඇතුළත් රූපාවලීන් මගින් වර්ගවාදී හෝ ජාතිකවාදී "ර-වලන උෂ්ණත්වයක" ජනමතය ඇට්‌ටකුණා කර "ඡන්ද ටික" එහා මෙහා කරගැනීම බව නම් සුපැහැදිලිය. එබඳු දේශපාලන සූත්‍රයක්‌ සඳහා කලින් කලට අවශ්‍ය දේශප්‍රේමි වීරකාව්‍යයන් නිර්මාණයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය වෙත තමිල්නාඩුවේ වාචාල කතා අනවරත වස්‌තුබීජ සැපයීමක නිරත වෙයි.

ශ්‍රී ලංකා රජය හා ඉන්දියාව අතර තියුණු දේශපාලන විරසකයක්‌ ඇතිකිරීමේ අභිලාෂය බටහිර දේශපාලන න්‍යායපත්‍රයේ ඉහළම ප්‍රමුඛතාවක්‌ වූ අතර එය පළමුව එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පැවරී තිබුණි. අද එම උපකොන්ත්‍රාත්තුව සමව පිරිනමා ඇත්තේ දෙමළ ඩයස්‌පෝරාවටත්, තමිල්නාඩුවටත්ය. ශ්‍රී ලංකාව තුළ වාර්ගික ආතතීන් ජනනය සඳහා දෙමළ ඩයස්‌පෝරාව සිය දේශීය ඒජන්තයා වන ටී.එන්.ඒ. සමග සහයෝගයෙන් කටයුතු කරන අතර තමිල්නාඩුව එය ද්විපාර්ශ්වික ගැටුමක්‌ දක්‌වා ඉදිරියට ගෙන යයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ යෝජිත ඉන්දියානු සංචාරයට ඉඩ ලබා නොදිය යුතුයෑයි සටන් පාඨයක්‌ වේදිකාගත කිරීමේ නවතම තත්ත්වය සමගින් බළලා මල්ලෙන් එළියට පනින්නේ තමිල්නාඩුවේ වී.කේ.සී. පක්‌ෂයේ ටී. තිරුමාවලවන් හා චිදම්බරම් "ශ්‍රී ලංකාව චීනයේ හා පකිස්‌ථානයේ සමීප මිතුරකු බැවින් ජනාධිපතිවරයාට ඉන්දියාවට ඇතුල්වීමට ඉඩනොදිය යුතු" යෑයි පසුගිය 03 වනදා පුවත්පත් සාකච්ඡාවකදී පැවසීමත් සමගිනි.

තමිල්නාඩුව එන්නේ මොකාටදැයි නිවැරදිව විග්‍රහ කරගතයුතු බව අවධාරණය කරන්නේ එබැවිණි. එය හුදෙක්‌ පඹයින් පුලුස්‌සා ප්‍රතිචාර දැක්‌වීමෙන් පමණක්‌ නැවතිය යුතු සරල කරුණක්‌ නොවේ. එය ගැඹුරින් විමසා බැලීමද සතුරාට පය ගැසිය හැකි අඳුරු බිම් කඩවල් ආලෝකවත් කර ගැනීමද වගකිව යුතු රජයක රාජ්‍ය විචාරීමේ කොටසක්‌ විය යුතුය. 2011 වසරේ දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්‌ෂ ඒ. ආර්. මුරුගදාස්‌ අධ්‍යක්‌ෂණය කළ "ඒලාම් අරිවු" (සත්වන සංවේදනය) දෙමළ චිත්‍රපටයෙන් කියවුණේ චීන ජනප්‍රවාදයේ එන බෞද්ධ කතාවක "බෝධිධර්ම" නමැති අධි ස්‌වාභාවික බලයකින් සමන්විත භික්‌ෂූන් වහන්සේ දෙමළ ජාතිකයෙකු බවත් ඔහුගේ ජාන සහිත මිනිසුන් දැනුදු සිටිය හැකි බවත්ය. එහෙත් කරුණානිධිගේත් ජයලලිතාගේත් "අපි දෙමළ" කණ්‌ඩායමේත් භාවිතය තුළ ඊට ඉඳුරාම වෙනස්‌ දෙයක්‌ පෙනෙන්නට තිබේ. එනම් බෝධිධර්ම කෙසේ වෙතත් කාලිංග මාඝ, චෝල චෝල රාජ, ජඨාවර්මන් සුන්දර පාන්ඩ්‍යයන් ආදී දුෂ්ට චෝල පාන්ඩ්‍ය ආක්‍රමණිකයන්ගේ ජාන එහෙම පිටින්ම ඇත්තන් නම් තමිනාඩුවේ සිටින බවය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.