නබි නායකතුමාට අවමන් චිත්‍රපටය
හැදුවේ පොලිස්‌ ඔත්තුකරුවෙක්‌
රඟපෑ නිළියටත් මරණීය තර්ජන


නබි නායකතුමාට අවමන් වන ඉනසන්ස්‌ ඔµa මුස්‌ලිම්ස්‌ නමැති චිත්‍රපටය නිපදවූ තැනැත්තා හිටපු පොලිස්‌ ඔත්තුකරුවෙක්‌ යෑයි හෙළිවී ඇත.

මොහු නකුලා බාස්‌ලි හෙවත් නකුලා නමැත්තෙකි. මෙම චිත්‍රපටය නිසා ඇතිවූ විරෝධතා හේතුවෙන් මේ වන විට හතළිහකට අධික පිරිසක්‌ මරුමුවට පත්වී ඇත.

මෙකී අවමන් සහගත චිත්‍රපටයේ රඟපෑ සින්ඩ්ලි නමැති නිළිය හා ඇගේ පවුලේ අයව ද මරා දමන බවට ඉස්‌ලාමීය අන්තවාදීහු තර්ජනය කර තිබේ.

දැනටමත් තමාට මරණීය තර්ජන එල්ලවී ඇතැයි ඇය කියා සිටී.

මේ චිත්‍රපටයේ නිෂ්පාදකයා තමාව මුලා කළ බවද ඇය පවසා තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.