ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු බැස්‌ටියන් කඳවුරට එල්ලවූ
තාලිබාන් ප්‍රහාරයකින් ප්‍රහාරක යානා අටක්‌ විනාශ වේ

තාලිබාන් ත්‍රස්‌තවාදීහු ඇෆ්ගනිස්‌තානයේ බැස්‌ටියන් හමුදා කඳවුරේ තිබූ ඇමරිකානු හැරියර් ප්‍රහාරක යානා අටක්‌ විනාශ කර ඇත.

මේ නිසා ඩොලර් මිලියන 200 ක පාඩුවක්‌ සිදුවී තිබේ. පහළොවකගෙන් යුත් තාලිබාන් ත්‍රස්‌තයන් පිරිසක්‌ ඇමරිකානු නිල ඇඳුම්වලින් සැරසී එම කඳවුරට ඇතුළු වී මේ විනාශ කර ඇත.

මෙහිදී ඇමරිකානු මැරීන් භටයන් දෙදෙනකු ද මියගොස්‌ තිබේ. දැඩි ලෙස ආරක්‍ෂක විධි විධාන යොදවා තිබූ මෙම බැස්‌ටියන් හමුදා කඳවුරට තාලිබාන් ත්‍රස්‌තයන්ට ඇතුළුවීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න ගැන ඇමරිකානු බලධාරීහු විමර්ශනය අරඹා තිබේ.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.