2012  සැප්තැම්බර් 22 සෙනසුරාදා

 
 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

මාලකට ඇප :
මේජර්ට නඩු?

වසර 16 ක්‌ ක්‍රියාන්විතයේ සිටි කෙනාට කම්පනයක්‌ ඇතිවුණේ කෙසේද? - මහෙස්‌ත්‍රාත්

ක්‍රියාන්විතයේ දී මෙවැනි කම්පනයක්‌ ඇති වී නෑ - මේජර්

සිද්ධියෙන් පහර කෑමට ලක්‌වූ මේජර්වරයා නීතිඥයකු මගින් දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරමින් සැකකාර ඇමැති පුතුන් දෙදෙනා තමන්ට පහර දීමක්‌ සිදු නොකළ බවට අධිකරණය වෙත කළ දැනුම් දීමක්‌ අනුව මෙම නඩුව ඊයේ (21 දා) කැඳවන ලෙසට මහෙස්‌ත්‍රාත් වරයා නියෝග කර තිබිණි.


ගැටඹේ සරසවි ඇදුරු රැලිය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරඹා ඇති වැඩවර්ජනයට සාධාරණ විසඳුමක්‌ දෙන් නැයි ඉල්ලමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ගැටඹේ පැවැති රැලියට සහභාගි වූ පිරිසෙන් කොටසක්‌ හා රැලිය අමතා දඹර අමිල හිමියන් කතා කළ අයුරු. පින්තූර - රංජිත් සේනවීර - පේරාදෙණිය


ශ්‍රී ලංකා ජනපතිට විරෝධය පෑ ඊළාම්වාදීහු 300ක්‌ පොලිස්‌ දැලේ

මෙම විරෝධතාකරුවන් චෙන්නා යිහි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර් යාලයට කඩා වැදීමටද උත්සාහ කර ඇත.

දි.මු.ට සහ දුමින්දට මාස තුනක නිවාඩුවක්‌

එම මහත්වරුන් අසනීප තත්ත්ව යෙන් පසුවන බැවින් අදාළ නිවාඩු අනුමත කළ යුතු බවට සභානායක වරයා යෝජනා කළේය.

අධිකරණයේ ස්‌වාධීනත් වයට එරෙහි කුමන්ත්‍රණ කරුවන් වහා හෙළි කරන්න - ජවිපෙ අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලයි

අධිකරණය ස්‌වාධීන ආයතනයක්‌ බව ද එහි ස්‌වාධීනත්වය තවදුරටත් ආරක්‍ෂා කිරීමට නම් කුමන්ත්‍රණ කරුවන් වහාම හෙළි කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

පේරාදෙණි වෛද්‍ය පීඨ ආචාර්යවරුත් සරසවි ඇදුරු සටනට එක්‌වෙති

පෙරේදා (20 දා) පේරාදෙණි වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය එම පීඨයේදී රැස්‌ව ඒකමතිකව එම තීරණය ගෙන තිබේ.

ඇමරිකාවෙන් තවත් "නැටුමක්‌"

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජ නාවක්‌ ඇමරිකානු කොංග්‍රස්‌ සභි කයන් හත්දෙනකු විසින් ඇමරිකානු කොංග්‍රස්‌ සභාවට ඉදිරිපත් කර ඇත.

ලක්‍ෂ හැටක හෙරො යින් ගෙනා ඉන්දියා නුවා රේගු දැලේ

භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති දොරටු වෙන් (ග්‍රීන් චැනල්) පිටවී යැමට උත් සාහ කිරීමේදී මෙම පුද්ගලයා ගැන සැක සිතූ රේගු නිල ධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම හොරොයින් හමුවී තිබේ.


රුවන්වැල්ල සෝභිත ඇතුළු තිදෙනාට
එරෙහි ස්‌ත්‍රී දූෂණ නඩුව

අතවර සිද්ධියට මුහුණ දුන් කත පරීක්‍ෂා කිරීමේදී ඇගේ සිරුරේ තුවාල පහක්‌ තිබුණා.....

එක්‌සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපතිත්වය තෙවන වරටත් ශ්‍රී ලංකාවට

ඒ සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නම යෝජනා වූ අතර එය සියලු සාමාජික රටවල ඒකඡන්දයෙන් සම්මත විය.

ජීවිතය අනූනවයෙන් බේරෙද්දී හමුදාවෙයි කියාගත් පුද්ගලයකුගෙන්
යතුරුපැදිකරුට ප්‍රහාරයක්‌

බස්‌ රථයෙන් බැස්‌ස පුද්ගලයෙක්‌ හමුදාවේ යෑයි පවසමින් හැඳුනුම් පතක්‌ පෙන්නලා බූරුවා කියලා බැණලා මගේ මූණට ගැසුවා. නහයෙන් ලේ ගලන්නට පටන් ගත්තා. මට කිසි දෙයක්‌ හිතාගන්න බැරි වුණා.


පොළොන්නරුවේ ගොවීහු ගොයමට ගිනි තබති

බොහෝ කුඹුරු අස්‌වැන්න නෙලා ගැනීමට බැරිව ගිනිතබා ඇත. අඳේට, බද්දට හා උකසට ගත්ත කුඹුරු පාඩුවී ඇති නිසා ගොවීහු කණස්‌සල්ලට පත්ව ඇත.


ගුටි කෑ මේජර් ගැන සොයන්න හමුදාවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්‌

මේජර්වරයා හෝටලයට ගිය හේතුව සහ පිටත්වූ වේලාව ඇතුළු වැඩි විස්‌තර රැසක්‌ සොයා බැලීම සඳහා මෙම හමුදා පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

ගාස්‌තු ඉහළ යැම ජලය අරපිරිමැස්‌මට නැඹුරුවක්‌ කරගන්න
- ඇමැති දිනේෂ් ගුණවර්ධන

පිරිසිදු පානීය ජලය නිපදවීමට යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයකම මිල පසුගිය වසර කිහිපය තුළ වරින් වර ඉහළ ගියා. නමුත් අප පිරිසිදු පානීය ජලය සැපයීම සේවාවක්‌ ලෙස සලකා ජල ගාස්‌තු ඉහළ දැම්මේ නැහ.

දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනවා
- නි. ඇමැති නියෝමාල් පෙරේරා

ඉන්දියාවේ අන්තවාදී සංවිධාන බැතිමතුන්ට පමණක්‌ නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් හිරිහැර කරනවා.

ලක්‍ෂ 66 ක රන් බිස්‌කට්‌ සිරුරේ සඟවාගෙන
ඉන්දියාවට යන්න හැදූ අයෙක්‌ අත්අඩංගුවට

රන් බිස්‌කට්‌ කැබලි 7 ක්‌ සිරුරේ රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන ඉන්දියාවේ ටි්‍රචි බලා රැගෙන යැමට තැත්කළ ශ්‍රී ලාංකිකයකු...

සංජීව බණ්‌ඩාර අත්අඩං ගුවට ගැනීම විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය මර්දනයට ගත් උත්සාහයක්‌

- කැෆේ සංවිධානය හා මානව හිමිකම් කේන්ද්‍රය කියයි

කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකින් පසුව බස්‌ රථයකින් ගමන් කරමින් සිටියදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ සභාපති සංජීව බණ්‌ඩාර අත්අඩංගුවට ගැනීම ශිෂ්ට සමාජයකට තරම් නොවන ක්‍රියාවකි.

අසල්වැසි කාන්තාවක්‌ විසින් වැඩිහිටි යුවළක්‌ පිහියකින් ඇන මරා දමලා

තම නිවසට යාබද නිවසේ සිටි කාන්තාවක්‌ තමාට සහ බිරිඳට පිහියෙන් ඇන නිවසේ තිබූ රන් මාලයක්‌ ද පැහැරගෙන ගිය බව මියගිය පුද්ගලයා මියයැමට පෙර පොලිසියට ප්‍රකාශ කර ඇත.

සෑම ආගමකටම ගරු කිරීම
බුදුරජාණන් වහන්සේගේ පණිවුඩයයි

- ඉන්දියාවේ සාංචි නුවරදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

අද සාංචිය වෙත මගේ සංචාරය මූලික වශයෙන් මගේ රටවැසියන් වෙනුවෙන් සිදු කරන කෘතවේදී ක්‍රියාවක්‌. පූජනීය සාංචි වෙහෙරට ගෞරවාදරය පුද කිරීමටත් මෙම ප්‍රදේශයේ අභිමානවත් අතීතයට ආචාර කිරීමටත් මා මෙහි පැමිණියේ වන්දනාකරුවකු ලෙසයි.

ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණ යෙන් නික්‌ම ගිය අයුරු හා පහ රකෑමට ලක්‌වූ මේජර් ප්‍රදීප් වසන්ත සූරසේන මහතා හිස්‌ වැසුමකින් මුහුණ ආවරණය කරගනිමින් අධිකරණයෙන් පිටතට ගිය අයුරුත් ඇමැති මර්වින් සිල්වා මහතා නඩු විභාගය දැක බලා ගැනීමට සිය හිතවතුන් සමඟ අධිකරණයට පැමිණි අයුරුත් ඡායාරූපවලින් දැක්‌වෙයි. ඡායා  - කමල් බෝගොඩ

වයිකෝ ඇතුළු
700 ක්‌ දැලේ


වයිකෝ අත්අඩංගුවට ගෙන රැගෙන යන අයුරු.........
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සාංචි ප්‍රදේශයේ සිදුකරන සංචාරයට විරෝධය පළකර උද්ඝෝෂණවල නිරතව සිටි එරට එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ ඇතුළු විරෝධතාකරුවන් 700 කට අධික පිරිසක්‌ ඉන්දීය පොලිසිය මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

යකඩ කැබැල්ලක්‌ රැගෙන අධිබල විදුලි රැහැනකට නැගි
පුද්ගලයෙක්‌ එළොව ගිහින් මෙලොව එයි

මොහු විදුලිය විසන්ධි කරන වාත් සමග විදු ලි රැහැනට යකඩ කැබෙල් ලෙන් පහරදී ඇති බව විශ්වාස කරනවා. එසේ නොවන්නට මොහුගේ ජීවිතය ගැන කෙසේවත් විශ්වාසයක්‌ තැබිය නොහැ කියි.


ඇමරිකානු
චිත්‍රපටයට එරෙහිව

නබි නායකතුමාට අපහාස වන පරිදි ඇමරිකාවේ චිත්‍රපටයක්‌ නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් ඊට එරෙහිව ඊයේ (21 දා) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ පැවැති විරෝධතාවයේ අවස්‌ථාවක්.
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත


අනුරපුරේ මැර දේශ පාලනය අවසන් කරනවා

තමාට විරුද්ධව ප්‍රතිරූපයක්‌ ගොඩ නඟන උදවිය තමාට දේශපාලනය පිළිබඳ දැනුමක්‌ නැති බවට හිස්‌ ප්‍රලාප දොඩන බව ද බලා පොරොත්තු සුන් වූ විට හිතට එන දේවල් මෙසේ දොඩවන නමුත් තමා ඒ කිසි දේකට කම්පා නොවන බව ද ඔහු කීවේය.


මාංචු පිටින්ම
රැඳවියා පනී

දුම්රියෙන් රැගෙන එන විට දුම්රිය හපුතලේ දුම්රිය ස්‌ථා නයට ළඟා වෙනවාත් සමඟ මෙම පුද්ගලයා දෑතට දමා තිබූ මාංචු සමඟම දුම්රියෙන් පැන පලාගොස්‌ තිබේ.

පොලිස්‌ ලොක්‌කන් 10දෙනකුට ස්‌ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුන්, පොලිස්‌ අධිකාරි වරුන් සහ සහකාර පොලිස්‌ අධිකාරිවරුන් 10 දෙනකුට පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් පෙරේදා (20 දා) ස්‌ථාන මාරුවීම් ලබාදී ඇත.

රජයේ ව්‍යාපාර 236 කට ඉඩම් පවරා ගැනේ

රජයට පවරා ගන්නා සෑම ඉඩමක්‌ සඳහාම රජයේ තක්‌ සේරු වටිනාකම සහ වෙළෙඳපොළ වටිනාකම මත වන්දි ගෙවන බවද ඇමැති වරයා වැඩිදුරටත් පැවසීය.

"කොටස්‌ වෙළෙඳ පොළ ඉතා සරලව"
තෙවැනි මුද්‍රණය හෙට නිකුත් වේ

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත "කොටස්‌ වෙළෙඳපොළ ඉතා සරලව" ග්‍රන්ථයේ තෙවන මුද්‍රණය හෙට (23 වැනි ඉරිදා) පෙ.ව.10.30ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී නිකුත් වේ.

රු. ලක්‍ෂ 80 ක බාල 'ග්ලවුස්‌' සිද්ධියේ
වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න

මෙරට ලියාපදිංචි නොකළ සමාගමකින් රජයේ රෝහල් සඳහා රුපියල් ලක්‍ෂ 80 ක්‌ වැය කර තත්ත්වයෙන් බාල ශල්‍ය අත් වැසුම් (ස(ර්)ජිකල් ග්ලවුස්‌) තොගයක්‌ ආනයනය.....

නබි නායකතුමාට අපහාස කළ ඇමරිකා
චිත්‍රපටයට එරෙහිව දිවයින පුරා හර්තාල්

කාත්තන්කුඩි නගරයේ ටයර් ගිනි තබා මාර්ගය හරස්‌ කර වාහන ධාවනය නොකිරීමට කටයුතු කර ඇති අතර රජයේ ආයතන පාසල් සියල්ල වසා නගරයේ කඩ සාප්පු විවෘත නොකර තිබූ බව මඩකලපුව ප්‍රදේශය භාර උසස්‌ පොලිස්‌ නිලධාරියකු පැවැසීය.


මහවැලි ගඟත් නියඟයෙන් වියෑළෙයි


මනම්පිටිය නව පාලම මත සිට නැගෙනහිර දෙසට නෙත් යොම න විට දිය සිඳී, වැලි තලා මතුවුණු මහවැලි ගඟ මෙසේ දිස්‌වේ.
- කරුණාරත්න ගමගේ

පසුගිය පස්‌ වසර තුළ රු. කෝටි 43 කට
අධික බිත්තර මෙරටට ආනයනය කරලා

2009/2010 යන වර්ෂයන්හි මෙරට ගෘහස්‌ථ බිත්තර පරිභෝජනය බිත්තර 609,146,460 ක්‌ බව ද අදාළ පිළිතුරෙහි සඳහන් කර ඇත.

දිවි නැගුම පනත් කෙටුම්පත පාර්ලි මේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමට රජය තීරණය කරයි

දිවි නැගුම පනත් කෙටුම්පත් නීතියක්‌ බවට පත්වීමට නම් එය පළාත් සභා සඳහා ඉදිරිපත්කොට අනුමැතිය ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කර තිබිණි.

දියණියට අතවර කර පලාගිය තාත්තා දැලේ

උතුරු කළුතර පොලිස්‌ වසමේ තරුණියක විසින් සිය පියාට එරෙහිව මෙම පැමිණිල්ල පොලිසියට කර තිබිණි.

විවිධ තරාතිරම්වල බලපෑම් එල්ල වුණත්
අධිකරණ සේවා කොමිෂන් සභාව ගන්නා තීන්දු
කිසිවකට යටත් නොවී ක්‍රියාත්මක කරනවා

- අධිකරණ සේවා කොමිෂන් සභාව

යමෙක්‌ අධිකරණ සේවා කොමිසමට හෝ සාමාජිකය කුට කිසියම් ආකාරයකින් බලපෑමක්‌ කිරීම හෝ තැත් කිරීම මහාධිකරණයක්‌ හමු වේ නඩු විභාගයක්‌ පැවැත් විය හැකි වරදක්‌ වන බවද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දී ඇත.

  • "තමිල්නාඩු පදය" හරිහැටි හඳුනා ගනිමු

    ඉන්දීය මධ්‍යම රජයේ "මුනිවත රැකීමේ ස්‌ථාවරය" විසින් ඉටුකරනු ලබන්නේ ජයලලිතාත් කරුණානිධිත් හරහා ක්‍රියාවට නැගෙන ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවකට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික වටපිටාව සකසාදීමද යන්න සැකසහිතය.

  • ශ්‍රී ලංකා - ද.අප්‍රිකා තරගය අද
    අපරාජිතව සිටීම දෙපිලේම අරමුණයි!

    සිව්වැනි විස්‌සයි 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ 'සී' කාණ්‌ඩයෙන් අපරාජිතව සුපිරි අට වටයට පිවිසීමේ අපේක්‍ෂාවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අද (22 දා) සුරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී තරග වදිති.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.