ශ්‍රී ලංකා ජනපතිට විරෝධය පෑ
ඊළාම්වාදීහු 300ක්‌ පොලිස්‌ දැලේ


කීර්ති වර්ණකුලසූරිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාංචි සංචාරයට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ තිරුචි හි දුම්රිය මාර්ග අහුරමින් සිටි ඊළම්වාදීහු 300 දෙනෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන්ගේ මේ විරෝධතාවය නිසා චෙන්නායි බලා ධාවනය වූ චුයන් එක්‌ස්‌ප්‍රස්‌ නැමැති ශීඝ්‍රගාමී දුම්රිය නතර වී තිබේ.

මෙම විරෝධතාකරුවන් විදුතලායි සිරුතලායි නමැති පක්‍ෂයට සම්බන්ධ වූවෝ වෙති.

මෙම විරෝධතාකරුවන් චෙන්නායිහි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට කඩා වැදීමටද උත්සාහ කර ඇත.

මෙම විරෝධතාකරුවන්ව මෙහෙයවා ඇත්තේ තොල් තිරුමාවලන් නමැති ඊළම් වාදියා යයි හෙළි වී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.