ආචාර්යවරුන්ගේ පා ගමනට
'විපක්‍ෂයේ විරෝධය' සංවිධානයත් එක්‌වෙයි


සිය ඉල්ලීම්වලට විසඳුම් දෙන්නැයි ආණ්‌ඩුවට බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබන සඳුදා (24 වැනිදා) ගාල්ලෙන් හා මහනුවරින් ආරම්භ කරන විරෝධතා පාගමන්වලට 'විපක්‍ෂයේ විරෝධය' සංවිධානය ද සහය පළ කරයි.

මෙම විරෝධතා පා ගමන් ලබන 28 වැනිදා කොළඹට ළඟාවීමට නියමිතය.

"විපක්‍ෂයේ විරෝධය" සංවිධානයට අයත් එක්‌සත් ජාතික පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, නව සම සමාජ පක්‍ෂය, එක්‌සත් සමාජවාදී පක්‍ෂය, නව සිහළ උරුමය හා රුහුණු ජනතා පක්‍ෂය මෙම විරෝධතා පාගමනට සහාය දක්‌වයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා සියලු සංවිධාන ඒකාබද්ධව මෙම විරෝධතා පාගමන සංවිධානය කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.