අනුරපුරේ මැර දේශපාලනය අවසන් කරනවා

නෝමන් පලිහවඩන

අනුරාධපුර පළාතේ කාලාන්තරයක්‌ තිස්‌සේ පැවතියේ මැර දේශපාලනයක්‌. ඒ වෙනුවට සාමකාමී සාධාරණ පසුබිමක්‌ ගොඩනඟනවා යෑයි උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප ලැබූ එස්‌. එම්. රංජිත් මහතා 'දිවයින' ට ඊයේ (21 දා) ප්‍රකාශ කළේය.

තමාට විරුද්ධව ප්‍රතිරූපයක්‌ ගොඩනඟන උදවිය තමාට දේශපාලනය පිළිබඳ දැනුමක්‌ නැති බවට හිස්‌ ප්‍රලාප දොඩන බව ද බලාපොරොත්තු සුන් වූ විට හිතට එන දේවල් මෙසේ දොඩවන නමුත් තමා ඒ කිසි දේකට කම්පා නොවන බව ද ඔහු කීවේය.

ඒ මහතා මෙසේ ද පැවසීය. හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් මහත්මයා දේශපාලනය ඉගෙන ගත්තේ අපේ ගෙවල්වලින්. එතකොට ඔහු යතුරුපැදියෙන් ගමන් ගත්තේ.

මම බර්ටි දිසානායක මහතාගේ "සිකියුරිටි" වැඩේ කවදාවත් කළේ නැහැ. ඒක මුසාවක්‌ යෑයි ද ඔහු කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.