අධිකරණයේ ස්‌වාධීනත්වයට එරෙහි
කුමන්ත්‍රණකරුවන් වහා හෙළි කරන්න

- ජවිපෙ අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලයි

ලසිත දුමින්ද

අධිකරණයේ ස්‌වාධීනත්වයට එරෙහි වන කුමන්ත්‍රණකරුවන් වහාම රටට හෙළිදරව් කරන්නැයි ජනතා විමුක්‌ති පෙරමුණ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කරයි.

මෙම කොමිෂන් සභාව පළමු වරට මාධ්‍ය නිවේදනයක්‌ ඉකුත් දිනවල නිකුත් කළ බව ද එහි කුමන්ත්‍රණකරුවන් පිළිබඳව ලිඛිතව දැන්විය හැකි බවට සඳහන්ව තිබූ බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා "දිවයින" ට පැවසීය.

අධිකරණය ස්‌වාධීන ආයතනයක්‌ බව ද එහි ස්‌වාධීනත්වය තවදුරටත් ආරක්‍ෂා කිරීමට නම් කුමන්ත්‍රණකරුවන් වහාම හෙළි කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

එසේම කුමන්ත්‍ර්‍රණකරුවන් කවුරුන්ද කියා රටේ ජනතාවට දැනගත හැකි බව ද ඉන් අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් මහජනතාවට පෙළගැසිය හැකි බව ද විජිත හේරත් මහතා කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.