මාංචු පිටින්ම රැඳවියා පනී

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල

මීගමුව බන්ධනාගාරයේ සිට බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එමින් සිටි රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියකු 20 දා හපුqතලේ දුම්රිය ස්‌ථානයේදී පලාගොස්‌ ඇති අතර ඔහු සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

හපුතලේ බෙරගල පදිංචිකරුවකු වූ මෙම බන්ධනාගාර රැඳවියා මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී නැවත බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකුගේ ආරක්‍ෂාව යටතේ දුම්රියෙන් බණ්‌ඩාරවෙල දක්‌වා රැගෙනවිත් තිබේ.

මෙසේ දුම්රියෙන් රැගෙන එන විට දුම්රිය හපුතලේ දුම්රිය ස්‌ථානයට ළඟා වෙනවාත් සමඟ මෙම පුද්ගලයා දෑතට දමා තිබූ මාංචු සමඟම දුම්රියෙන් පැන පලාගොස්‌ තිබේ.

මෙසේ පලාගිය පුද්ගලයා මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත. බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස්‌ පරිදි හපුතලේ පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.