ලක්‍ෂ 33ක රන් ඉන්දියාවට ගෙනයන්න හදද්දී කොටුවෙයි

අනුර බාලසූරිය

රුපියල් තිස්‌තුන් ලක්‍ෂයක්‌ පමණ වටිනා ග්‍රෑම් 498 ක්‌ බරැති රන් කැබලි පහක්‌ ශරීරයේ රහස්‌ ප්‍රදේශයක සඟවාගෙන ඉන්දියාව බලා යැමට තැත් කළ පුද්ගලයෙක්‌ කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් පෙරේදා (20 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ඊයම් කොළ හා කාබන් කොළවල ඔතා මෙම රන් කැබලි පහ එලෙස සඟවාගෙන තිබූ බව රේගුව සඳහන් කරයි. වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.