පේරාදෙණි වෛද්‍ය පීඨ ආචාර්යවරුත්
සරසවි ඇදුරු සටනට එක්‌වෙති


පේරාදෙණිය - රංජිත් සේනවීර

සරසවි ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්‌වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය මහාචාර්යවරුන් ද ලබන සඳුදා (24 දා) සිට වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කර ඇත.

පෙරේදා (20 දා) පේරාදෙණි වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය එම පීඨයේදී රැස්‌ව ඒකමතිකව එම තීරණය ගෙන තිබේ. උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුදවලට පිළිගත හැකි විසඳුමක්‌ ලබාදීමට රජය අපොහොසත්වීම, උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විවිධ අවස්‌ථාවන්හි කථිකාචාර්යවරුන් අවමානයට ලක්‌කිරීම, ආචාර්යවරුන්ට මාස තුනකට ආසන්න කාලයක්‌ වැටුප් නොගෙවීම යන කාරණා මුල්කරගෙන මෙම තීරණය ගත් බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය ඒ. ඒ. ඡේ. රාජරත්න මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.