ලක්‍ෂ හැටක හෙරොයින් ගෙනා
ඉන්දියානුවා රේගු දැලේ

ප්‍රභාත් විතාන, ප්‍රසාද් කුමාරතුංග - ගුවන්තොටුපළ

අත්අඩංගුවට ගත් හෙරොයින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන ලද අයුරු.

ඡායාරූපය - ගුවන්තොටුපළ - ප්‍රසාද් කුමාරතුංග



රුපියල් ලක්‍ෂ 60 ක්‌ පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 720 ක්‌ මෙරටට රැගෙන ඒමට තැත් කළ ඉන්දියානු ජාතිකයෙක්‌ ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිධාරීන් ඊයේ විසින් (21 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ගුවන්තොටුපළ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති දොරටුවෙන් (ග්‍රීන් චැනල්) පිටවී යැමට උත්සාහ කිරීමේදී මෙම පුද්ගලයා ගැන සැක සිතූ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම හොරොයින් හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයාගේ ගමන් මල්ලේ ඉතා සූක්‍ෂම ලෙස හොරොයින් සඟවා තිබූ බව රේගු නිලධාරියෙක්‌ පැවසීය.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්. කේ. යූ. ගාමිණී, එම්. ඩබ්ලිව්. ඒ. ටී. එම්. විඡේසූරිය යන මහත්වරුන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඩී. ඩී. එස්‌. සී. මයිකල්, ආරිය සිරිවර්ධන, එම්. අයි. රසීක්‌, චන්දන ගමගේ යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්‍ෂණ කරති. නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කේ. ආර්. සෙනෙවිරත්න මහතා විසින් රේගු පරීක්‍ෂණය පවත්වනු ලැබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.