රජයේ ව්‍යාපාර 236 කට ඉඩම් පවරා ගැනේ

ප්‍රියදර්ශන ලියනගේ

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය, පේරාදෙණිය - බදුල්ල චෙන්කලාඩි මාර්ගය, මාතර - කතරගම දුම්රිය මාර්ගය, කළුගංගා ව්‍යාපෘතිය ඇතුළු රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 236 ක්‌ සඳහා ඉඩම් පවරා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින"ට ඊයේ (21 වැනිදා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා වැඩිම ඉඩම් ප්‍රමාණයක්‌ පවරා ගැනීම සිදු කරන්නේ වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහායි. එම ව්‍යාපෘති සංඛ්‍යාව 61 ක්‌ වෙනවා. ඒ වගේම ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 31 ක්‌ සඳහාත්, ඉඩම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 37 ක්‌ සඳහාත් ඉඩම් පවරා ගැනීම සිදු කරනු ලබනවා.

රජයට පවරා ගන්නා සෑම ඉඩමක්‌ සඳහාම රජයේ තක්‌සේරු වටිනාකම සහ වෙළෙඳපොළ වටිනාකම මත වන්දි ගෙවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.