රුවන්වැල්ල සෝභිත ඇතුළු තිදෙනාට
එරෙහි ස්‌ත්‍රී දූෂණ නඩුව


අතවර සිද්ධියට මුහුණ දුන් කත පරීක්‍ෂා
කිරීමේදී ඇගේ සිරුරේ තුවාල පහක්‌ තිබුණා

කොටියාකුඹුර - රම්‍යපාල, කෑගල්ල - එම්. බී. පහලවත්ත

එවකට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වූ මම මෙම සිද්ධියට මුහුණ දුන් 23 හැවිරිදි කාන්තාව 2005/07/22 දින පරීක්‍ෂා කළා. ඇගේ සිරුරේ තුවාල පහක්‌ තිබුණා. මා විසින් අංක කළ එම තුවාලවලින් දකුණු අත ඉදිරිපස පිහිටි අංක 1 - 2 - 3 යන තුවාල සීරීම් තුවාල වුණා.

දකුණු උරහිස හා දකුණු අතේ උඩබාහුවේ පිළිවෙළින් අංක 4 හා 5 තුවාල පිහිටා තිබුණා යෑයි දැනට පානදුර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන එම්. සිවසුබ්‍රමනියම් මහතා පසුගිය 19 දා කෑගල්ල මහාධිකරණයේ පැවැති නඩුවක වෛද්‍ය සාක්‌ෂි ලබා දෙමින් පැවැසීය.

රැකියාවක්‌ ලබාදෙන බව පවසා රවටා ගෙන ගොස්‌ තරුණ කාන්තාවක්‌ දූෂණය කිරීම හා ඊට අනුබල දුන් තවත් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය වෙත ගොනු කළ මෙම නඩුව කෑගල්ල මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මෙනවිය ඉදිරියේ පසුගිය 17 දා සිට දිනපතා විභාගවෙමින් පවතී.

රුවන්වැල්ල ප්‍රදේශයේ යන්ත්‍ර - මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යෙdතිෂය කටයුතුවල නියෑළී සිටින ඒ. සෝභිත සහ අගතියට පත් කාන්තාවගේ ඥාති නැන්දා සහ මාමා කෙනකු වන ඊ. එච්. හේමචන්ද්‍ර, එච්. බී, අනෝමා යන අය මේ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. සිවසුබ්‍රමනියම් මහතා තවදුරටත් මෙසේ ද පැවැසීය.

යමෙක්‌ දැඩිව අල්ලා ගත්තේ නම් මේ වගේ තුවාල වෙන්න පුළුවන්. අංක 4 හා 5 තුවාල යමෙක්‌ තවත් තැනැත්තෙක්‌ තදකරලා තියාගත්විට මේවාගේ වෙන්න පුළුවන්. මොට ආයුධයකින් පහරදීමෙන් අතමිට මොලවා පහර දීමෙන් ද මෙම තුවාල වෙන්න පුළුවන්.

මේ අවස්‌ථාවේදී අධිකරණයේ ගොනුකර තිබූ වෛද්‍ය වාර්තාවක්‌ තමා විසින් සටහන් කළ බව හඳුනාගත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විත්තියේ නීතිඥ මහතුන් ඇසූ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමද සිදුකරනු ලැබීය.

වෛද්‍ය සාක්‌ෂි ලබාදීම එතැනින් හමාර වූ අතර ලබන අඟහරුවාදා සිට විත්තියේ සාක්‌ෂි ලබා ගැනීම ආරම්භ කරන බව ද එතෙක්‌ චූදිතයන් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මෙනවිය නියෝග කළාය.

පැමිණිල්ලේ සාක්‌ෂිකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ බර්නාඩ් පීටර්සන් මහතා අධිකරණයේ රැඳී සිටි අතර නීතිපතිවරයාගේ නියෝගය පරිදි රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරළ මහතා පැමිණිල්ල වෙනුවෙන්ද විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ආනන්ද කුමාරසිංහ, නීතිඥ නලින් ඉන්ද්‍රතිස්‌ස, නීතිඥ සේනක ඉලංගතිලක යන මහත්වරුද ªª €ව්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.