ගුටි කෑ මේජර් ගැන සොයන්න හමුදාවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්‌

නෝමන් පලිහවඩන

කොළඹ ජයික්‌ හිල්ටන් නිවාස සංකීර්ණයේ රථගාල අසලදී ඇමැති පුතුන් දෙදෙනකු විසින් පහර දුන්නේ යෑයි කියනු ලබන හමුදා බුද්ධි අංශයේ මේජර්වරයා පිළිබඳව පරීක්‌ෂණ ආරම්භ කිරීම සඳහා යුද හමුදාපතිවරයා විසින් ත්‍රි පුද්ගල කමිටුවක්‌ පත්කර ඇත.

මේ අනුව මේජර්වරයා හෝටලයට ගිය හේතුව සහ පිටත්වූ වේලාව ඇතුළු වැඩි විස්‌තර රැසක්‌ සොයා බැලීම සඳහා මෙම හමුදා පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

හමුදා මේජර්වරයාගේ එදින ක්‍රියා කලාපය පිළිබඳ ඔහු යටතේ සේවය කළ හමුදා භටයන්ගෙන්ද මෙම පරීක්‌ෂණ කමිටුව ප්‍රශ්න කරනු ඇතැයි හමුදා ප්‍රකාශකයකු පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.