ලක්‍ෂ 66 ක රන් බිස්‌කට්‌ සිරුරේ සඟවාගෙන
ඉන්දියාවට යන්න හැදූ අයෙක්‌ අත්අඩංගුවට


අනුර බාලසූරිය, ප්‍රභාත් විතාන, ගුවන්තොටුපළ - ප්‍රසාද් කුමාරසිංහ

රුපියල් ලක්‍ෂ 66 ක්‌ වටිනා රන් බිස්‌කට්‌ කැබලි 7 ක්‌ සිරුරේ රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන ඉන්දියාවේ ටි්‍රචි බලා රැගෙන යැමට තැත්කළ ශ්‍රී ලාංකිකයකු ඊයේ (21 දා) පස්‌වරුවේ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයාගේ හැසිරීම ගැන සැක සිතූ රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම රන් බිස්‌කට්‌ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රන් බිස්‌කට්‌ කාබන් කොළවලින් ඔතා තිබූ බවත් ඒවායේ බර කිලෝ 1 යි ග්‍රෑම් 22 ක්‌ බවත් රේගු නිලධාරියෙක්‌ පැවසීය.

මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්‌ටැන්ලි සේනාරත්න මහතා මෙම රන් බිස්‌කට්‌ රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්‍ෂ දෙකක දඩයක්‌ නියම කළේය.

නියෝජ්‍ය රේගු අධිකාරී විමල් ජයසුමන, සහකාර රේගු අධිකාරිවරුන් වන කසුන් සූරියආරච්චි, දිනූෂ හෙට්‌ටිආරච්චි, නිෂාදි රණසිංහ යන මහත්වරු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර වැඩිදුර රේගු පරීක්‍ෂණය රේගු අධිකාරි යාපා පියසේන මහතා විසින් පවත්වන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.