වයිකෝ ඇතුළු 700 ක්‌ දැලේ

කීර්ති වර්ණකුලසූරිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සාංචි ප්‍රදේශයේ සිදුකරන සංචාරයට විරෝධය පළකර උද්ඝෝෂණවල නිරතව සිටි එරට එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ ඇතුළු විරෝධතාකරුවන් 700 කට අධික පිරිසක්‌ ඉන්දීය පොලිසිය මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (21 වැනිදා) සාංචි ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

වයිකෝ ඇතුළු පිරිස කළු කොඩි රැගෙන විරෝධතාවයේ නිරතව තිබේ.

-------------------

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.