අසල්වැසි කාන්තාවක්‌ විසින් වැඩිහිටි
යුවළක්‌ පිහියකින් ඇන මරා දමලා


සිරිමෙවන් කස්‌තුරිආරච්චි සහ උපමාලි පතිරණ - මුන්දලම විශේෂ

හලාවත පල්ලම පොලිස්‌ වසමේ නිල්පොත ප්‍රදේශයේ විසූ වැඩිහිටි අඹුසැමි යුවළක්‌ ඊයේ (21 වැනිදා) සවස සාහසික ලෙස ඝාතනය කර ඇත.

80 හැවිරිදි ඇල්බට්‌ පෙරේරා නමැති පුද්ගලයකු සහ 65 හැවිරිදි රීටා මේරි පෙරේරා නමැති ඔහුගේ බිරිඳ මෙසේ ඝාතනයට ලක්‌ව තිබේ. මෙම මහලු යුවළ සිය නිවසේ

රැඳී සිටියදී ඊයේ සවස 4.00 ට පමණ එහි පැමිණි අසල්වැසි කාන්තාවක්‌ විසින් මොවුන් දෙදෙනාට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇත.

රීටා මේරි මහත්මිය සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ ඇති අතර ඇයගේ සැමියා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ තිබේ.

තම නිවසට යාබද නිවසේ සිටි කාන්තාවක්‌ තමාට සහ බිරිඳට පිහියෙන් ඇන නිවසේ තිබූ රන් මාලයක්‌ ද පැහැරගෙන ගිය බව මියගිය පුද්ගලයා මියයැමට පෙර පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මුන්දලම පොලිසිය විසින් මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව සැකපිට අදාළ අසල්වැසි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

පල්ලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.