දියණියට අතවර කර පලාගිය තාත්තා දැලේ

විජයසිරි විද්‍යාසේකර - කළුතර

සිය 20 හැවිරිදි දියණියට ලිංගික අතවරයක්‌ සිදුකර පලාගොස්‌ සිටි පියකුව ඊයේ (21 වැනිදා) උතුරු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු කළුතර පොලිස්‌ වසමේ තරුණියක විසින් සිය පියාට එරෙහිව මෙම පැමිණිල්ල පොලිසියට කර තිබිණි.

කළුතර උතුරු පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පත්මසිරි කුලතුංග මහතා විසින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.