ජීවිතය අනූනවයෙන් බේරෙද්දී
හමුදාවෙයි කියාගත් පුද්ගලයකුගෙන්
යතුරුපැදිකරුට ප්‍රහාරයක්‌

සටහන සහ ඡායාරූප - නිමල් දයාරත්න


යතුරුපැදිය බස්‌රථයට යටවී තිබූ අයුරු

හමුදා නිල ඇඳුමින් සිටි අයකු දිවි බේරාගත් ආර්. යූ. ඩබ්. කේ. දිසා නායක මහතා සමග බහින් බස්‌ වූ අයුරු.

අනතුරින් දිවි බේරාගත් ආර්.යූ. ඩබ්. කේ. දිසානායක මහතා

කාර්යාලය ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය හරහා මම යතුරුපැදිය ධාවනය කළා. එවිට පෞද්ගලික බස්‌ රථයක්‌ අධික වේගයෙන් පැමිණියා. බයිසිකලය බස්‌ රථයේ ඉදිරිපස රෝදයට යට වුණා. පූරුවේ පිනකට මම බේරුණා. එවිටම බස්‌ රථයෙන් බැස්‌ස පුද්ගලයෙක්‌ හමුදාවේ යෑයි පවසමින් හැඳුනුම්පතක්‌ පෙන්නලා බූරුවා කියලා බැණලා මගේ මූණට ගැසුවා. නහයෙන් ලේ ගලන්නට පටන් ගත්තා. මට කිසි දෙයක්‌ හිතාගන්න බැරි වුණා. ඒ ගහපු පාරට යෑයි ඊයේ

(21 දා) සවස බැලුම්මහර මංසන්දිය අසල අනතුරට ලක්‌වූ ආර්.යූ. ඩබ්. කේ. දිසානායක මහතා "දිවයින"ට පැවැසීය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර මංසන්ධියේදී කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක ඩබ්. පී. එන්. බී. 9874 දරණ පෞද්ගලික බස්‌රථයට යතුරුපැදිය හැපී අනතුරට ලක්‌වී තිබිණි.

සිද්ධිය පිළිබඳ ඒ මහතා මෙසේ පැවසීය.

ගම්පහ -බැලුම්මහර මහජන බැංකුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ සංවර්ධන ක්‍ෂුද්‍ර මූල්‍ය කළමනාකරු ලෙස සේවය කරනවා

අනතුර සිදුවූ බස්‌රථයෙන් බැසගත් හමුදාවේ කියු පුද්ගලයා කිසිම හිතක්‌ පපුවක්‌ නැතිව මට ගැසුවා. මගේ නහයෙන් ලේ ගැලුවා. සිද්ධිය දුටු අය ඒ පුද්ගලයාට ගැසුවා.

මේ අනතුර නිසා වාහන තදබදයක්‌ ඇතිවුණා. එයින් හමුදාවේ අයකුට ගැසුවා කියල හමුදා නිල ඇඳුමක්‌ හැඳ සිටි නිලධාරියකු මට තර්ජනය කරමින් බැන්නා. ගම්පහ පොලිසියේ වැරල්ලවත්ත රථ වාහන පොලිස්‌ මුරපළ නිලධාරීන්ගේ මැදිහත්වීම මත බස්‌ රථ රියෑදුරු සමග සාකච්ඡා කර සිද්ධිය සමතයකට පත් කර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.